අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඡන්දෙ තියන්නෙ නෑ කියපු ජනාධිපතිගෙ කතාව අහලා කලබල වෙන්න එපා… සජිත් කියයි…

දැනට ඔබ සුව පහසු කලාපයේ ඉන්න... ඉන්න ගමන් වෙන්නෙ මොකක් ද කියලා බලාගන්න...

by editor
නොවැම්බර් 24, 2022
in පුවත්
sajith
Share on FacebookShare on Twitter

 ඡන්දයෙන් පැරදී ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තුවේ බහුතර බලයෙන් ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ ඡන්දයක් නොපැවැත්වෙන බව කීම සම්බන්ධව කලබල නොවෙන ලෙසත්, ඡන්දයක් සම්බන්ධව විශ්වාසයක් ඔහුට නොමැති වීම අප පිළිගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

එහෙත් මැතිවරණයකින් පත් වී ඡන්ද හැට නව ලක්ෂයක් ලබාගෙන ජනාධිපති වූ ජනාධිපතිවරයාත්, මහ මැතිවරණයේ දී ඡන්ද ලක්ෂ 68ක් ලබාගෙන අගමැති වූ අගමැතිවරයාත්,  එම දැවැන්ත දේශපාලන ව්‍යාපාරය මෙහෙයවූ බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාත් තනතුරුවලින් පහ වී අවලංගු වූයේ ජනතා බලය නිසා බව අමතක නොකරන්නැයි ද විපක්ෂ නායකවරයා ජනාධීපතිවරයාට පැවසුවේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙසේ ද පැවසුවේය.

“එතුමා මේ සභාවට කිව්වා මැතිවරණයක් පවත්වන්නෙ නෑ කියලා. එතුමා කළ ප්‍රකාශය සම්බන්ධව පුදුම වෙන්න දෙයක් නෑ.

එතුමා මේ තනතුරුට පත්වුනේ ඡන්දයෙන් පත් නොවුන තනි ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් විදිහට. පාර්ලිමේන්තුවට ඇවිත් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වෙලා පාර්ලිමේන්තුවේ බහුතරයේ ඡන්දයෙන් ජනාධිපති වුනා. එතුමාට සර්ව ජන ඡන්ද බලය ගැන වැඩි විශ්වාසයක් නෑ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ වගේම ජනතාවගේ  ඡන්ද අයිතිය පිළිබඳ එතුමට විශ්වාසයක් නෑ. ඒ නිසා කලබල වෙන්න අවශ්‍ය නෑ මැතිවරණයක් පවත්වන්නෙ නෑ කියන කතාවට. මන්ද මැතිවරණයකින් පත්වෙලා ඡන්ද 69 ලක්ෂයක් අරන් ජනාධිපති වෙලා, ඉන් පසු මහ මැතිවරණයෙන් ඡන්ද 68 ලක්ෂයක් ලබාගෙන අගමැති වෙලා, ඒ වගේම දේශපාල ව්‍යාපාරයක නියමුවෙක් වෙලා රටේ මුදල් ඇමති වෙලා … ඒ තුන්දෙනාටම ගෙරද යන්න වුනේ මැතිවරණ පරාජයක් නිසා නෙමෙයි. රටේ ජන බලය නිසා.“

“මම දැක්කා මැතිවරණයක් පවත්වන්නෙ නෑ කියනකොට මේ සභාගර්භයෙ ඉන්න වහල්ලු කොට්ඨාසයක් ඒකටත් අත්පුඩි ගැහුවා.  මොන මහජන නියෝජිතයො ද මැතිවරණයක් තියන්නෙ නෑ කිව්වම අත්පුඩි ගහන්නෙ.  මේ මිනිස්සු එක වහල් භාවයකින් තවත් වහල් භාවයකට ඇදිලා.“

“මැතිවරණයක් නැතිව සුවපහසු කලාපයක ඉන්න හැමෝටම කියන්නෙ… ඔහොම ඉන්න. කිසි ගැටලුවක් නෑ…  අපිටත් ගැටලුවක් නෑ…  මතක තබා ගන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට, මහින්ද රාජපක්ෂ මැතිතුමාට,  බැසිල් රාජපක්ෂ මැතිතුමාට, තමන්ගේ තනතුරුවලින් ඉවත් වෙන්න සිදුවුනා. බැසිල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට පාර්ලිමේන්තු මන්ත්‍රී කමිනුත් යන්න සිද්ධ වුනා. ඒ වගේ තත්ත්වයක් ඇතිවුනේ ජනතාවට ඇහුම්කන් නුදුන් නිසා. ජන මතයට ගරු නොකළ නිසා. “

“ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරනවා කියන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා… ඊයේ පල කරපු මතය වෙනස් කරලා මේ පාර්ලිමේන්තුවෙ සහ මහ පොළොවේ විකෘතිය නැති කරලා විනිවිද භාවයකින් යුතුව නව ජන මතයක් හරහා මේ රට ගොඩ ගනිමු කියලා. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුවන් නියමුවෝ අස් වී යති – ශ්‍රි ලංකන් තවත් අවුලක !

Next Post

ජනපති මුජබර්ට රතන සූත්‍රයෙන් බණ කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.