බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුවන් නියමුවෝ අස් වී යති – ශ්‍රි ලංකන් තවත් අවුලක !

by editor
නොවැම්බර් 24, 2022
in පුවත්
Sri-Lankan
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවන් සේවයෙන් ඉවත්ව යෑම මේ දිනවල දක්නට ඇති බවත් කොවිඩ් වසංගතයෙන් පසුව ඉහළ යන සංචාරක ව්‍යාපාරයේ ප්‍රතිලාභ ලබා ගත හැකි ලෙස ගුවන් සේවා මෙහෙයුම් පුළුල් කිරීමේ අවශ්‍යතාව සහිත මොහොතක මෙම නික්ම යෑම් දැඩි බලපෑම් එල්ල කරන බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී රිචඩ් නුටොල් පවසයි.

ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකදී නුටල් මෙලෙස පැවසූ බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබේ.

“ගුවන් සමාගමේ සේවයට එන පිරිසට වඩා යන පිරිස වැඩි වෙන්න පටන් අරගෙන. මේ අවස්ථාවේදී ඒක දැඩි කණස්සල්ලට හේතුවක්.. ගුවන් නියමුවන් කියන්නේ අද ලෝක ඉල්ලුමක් සහිත වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වෙලා . ලෝකයේ ගුවන් නියමුවන් වෙනුවෙන් විශාල රැකියා වෙළෙඳපොළක් තියෙනවා.. නිදහසින් පස්සේ ශ්‍රී ලංකාව මේ වෙද්දී දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ පාලා ඉන්න අවස්ථාවේ බුද්ධිගලනයත් වැඩි වශයෙන් දකින්න පුළුවන්..”

ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය මානව සම්පත් වත්කම් ධාරිතාව පුළුල් කිරීමට අපේක්ෂා කළත් රජය සතු ආයතනයක් ලෙස, සමාගමට ගුවන් නියමුවන් බඳවා ගැනීම සඳහා සීමාවන් පනවා තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ තත්ත්වය මත ඉවත්ව යන නියමුවන් වෙනුවට වෙනත් නියමුවන් බඳවා ගැනීමේ කාර්යය තවත් අපහසු කර තිබෙන බව විධායක නිළධාරීවරයා සඳහන් කරයි.

වැඩිදුරටත් අදහස් පළ කරමින් ඔහු සඳහන් කර ඇත්තේ ආයතනයේ මූල්‍ය කාර්ය සාධනය වැඩි කිරීම සඳහා එක්සත් රාජධානිය හා ඉන්දියාව වැනි ඉහළ සංචාරක ගමනාන්ත වෙනුවෙන් ගුවන් ගමන් වැඩි කළ යුතු බවයි.

ඊට අමතරව සිංගප්පූරුව, කොරියාව හා මැලේසියාව වැනි ගමනාන්ත සඳහා ද ශ්‍රී ලංකන් ගුවන් ගමන් වැඩි කිරීමට අවධනාය යොමු කළ යුතු වුවත් දැනට සමාගම සතු ගුවන් යානා 24 ඊට ප්‍රමාණවත් නොවන බව ඔහු පවසයි.

ගුවන් යානා 32ක් ආයතනයට අවශ්‍ය වුවත් ඊට අවශ්‍ය මූල්‍ය පහසුකම් නොමැති බවත්, ලෝකයේ බොහොමයක් ගුවන් සමාගම් මේ වන විට, ගුවන් යානා එන්ජින් හා යානා කොටස් නිෂ්පාදනය පහත වැටීම හේතුවෙන් ගැටළුවලට මුහුණ පා සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති හා පොහොට්ටුව අතර මත ගැටුම එළියට… ජනපති පුද්ගලීකරණ තීන්දු ගන්නේ තමන් නොවිමසා බව පොහොට්ටුවෙන් චෝදනා…

Next Post

ඡන්දෙ තියන්නෙ නෑ කියපු ජනාධිපතිගෙ කතාව අහලා කලබල වෙන්න එපා… සජිත් කියයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.