එක්සත් ජනපද ඉතිහාසයේ පළමු වරට ෆෙඩරල් උසාවියක විනිසුරුවරියක ලෙස මුස්ලිම් – ඇමරිකානු කාන්තාවක් නම් කිරීමට එක්සත් ජනපද ජනපති ජෝ බයිඩන් කටයුතු කර තිබේ.
එසේ නම් කර ඇත්තේ බංග්ලාදේශ සම්භවයක් ඇති සිවිල් අයිතිවාසිකම් නීතිඥයෙකුද වන නුස්රත් ජහාන් චෞද්‍රි ය.
විවිධ අධිකරණ නාමයෝජනා ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කරමින් ධවල මන්දිරය මේ බව දන්වා ඇත.
ජානාධිපතිවරයාගේ නම් කිරීම එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් තහවුරු කරනු ලැබුවහොත්, නුස්රත් ජහාන් චෞද්‍රි නිව්යෝර්ක් ප්‍රාන්තයේ ෆෙඩරල් දිස්ත්‍රික් උසාවියේ සේවය කරනු ඇත.
මේ අනුව ෆෙඩරල් විනිසුරුවරයෙකු ලෙස සේවය පළමු මුස්ලිම්-ඇමරිකානු කාන්තාව සහ දෙවැනි මුස්ලිම්-ඇමරිකානු පුද්ගලයා ඇය වනු ඇත.









