15 හැවිරිදි දරුවෙක් බම්බලපිටියේ සත් මහල් ගොඩනැගිල්ලකින් බිමට වැටී මියගොස් තිබේ.
මෙම අනතුර සිදුවී ඇත්තේ ඊයේ සවස් භාගයේ දීය. බම්බලපිටිය ක්‍රෙස්ටර් පෙදෙසේ පිහිටි මෙම මහල් ගොඩනැගිල්ලෙන් ඇදවැටී ඇති දරුවා බරපතල තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් තිබේ. බම්බලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.