ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා අංශයේ විසින් පරීක්ෂා කළ සාම්පල 88කින් සාම්පල 82ක්ම ඔමික්‍රෝන් ආසාදිතයන් බව එම අංශය මගින් නිකුත් කරන ලද නවතම කොවිඩ් වෛරස් ප්‍රභේද වාර්තාව හෙළි කරයි.
එම සාම්පල අතුරින් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් හමුවී ඇත්තේ හය දෙනෙක් පමණි.
මේ වනවිට රට තුළ අති සීඝ්‍රයෙන් පැතිරී යන කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රොන් බව සෞඛ්‍ය අංශ යළිත් තහවුරු කර තිබේ.







