ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් බැහැර සිටින බැවින් ඔහුගේ වැඩ ආවරණය කිරීම සඳහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
ඔහු පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 – 1 වගන්තිය ට අනුව පැවරී ඇති බලතල අනුව මෙම කටයුත්ත ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා වෙත පවරා ඇති බවයි.
මීට ටික වෙලාවකට පෙර කථානායකවරයා මේ බව නිවේදනය කළ අතර එයින් පැහැදිළ වන්නේ මෙතෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය නිල වශයෙන් කථානායකවරයා වෙත ඉදිරිපත් කර නොමැති බවයි.
මෙම බලතල අනුව මේ වනවිට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහවිසින් හදිසි නීතිය සහ බස්නාහිර ප්‍රදේශයට බල පැවත්වෙන පරිදි ඇදිරි නීතිය පනවා ඇත.







