ජනාධිපති ධුරය පුරප්පාඩු වී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(1)(ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2022 ජූලි 14 දින සිට බලපැවැත්වෙන පරිදි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි ද පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා සභාවට දැනුම් දුන්නේ ය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස්විය.
1981 අංක 02 දරන ජනාධිපතිවරයා තොරා ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ 4 වැනි වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරි නොමැති අවස්ථාවක ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇති වූ විට පුරප්පාඩු ඇති වී දින තුනක් තුළ පාර්ලිමේන්තුව රැස් වීම සිදු විය යුතු බැවින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වශයෙන් ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය අනුව අද (16) උදේ 10ට පාර්ලිමේන්තුව රැස් වී තිබිණි.
පාර්ලිමේන්තුව ජූලි මස 19 වැනි අඟහරුවාදා පෙරවරු 10ට යළි රැස්වීමට නියමිතය.







