ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ ජනතා පා ගමන විශාල ජන සහභාගීත්වයක් සහිතව මොරටුවේ සිට කොළඹ දෙසට ඇදෙමින් තිබේ.
තෙදින ජනතා පා ගමනේ අවසන් දිනයවන අද කොළඹ නගරසභා පිටියට පැමිණෙන පිරිස ජන හමුවක් පැවැත්වීමට නියමිතව තිබේ.
අපේ සල්ලි කොල්ල කෑ හොරු රැල #පන්නමු! තේමාවෙන් ජාතික ජන බලවේගය ආරම්භ කළ මෙම ජනතා පා ගමන අද මොරටුවේ සිට ගමන් ආරම්භ කළේ උදෑසන 09ටය.
විරෝධතා පාගමන එන මග දෙපස එක්රොක් වී සිටින ජතනාව පසුගිය දින දෙකේදී මෙන්ම අද දිනයේද රතිඤ්ඤා දල්වමින්, සිසිල් පැන් සංග්‍රහ සිදු කරමින්, කෙටි ආහාර වර්ග ලබා දෙමින් පාගමනට සහයෝගය දක්වන අයුරුද දක්නට ඇතැයි වාර්තා වේ.
මෙම පා ගමනට අදත් ජාතික ජන බලවේගයේ නායකයින්, කලාකරුවන්, වෛද්‍යවරුන්, නීතීඥයින්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ඇතුළු විවධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයෝ විශාල පිරිසක් එක්වී සිටිති.








