පාස්කු බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන වගඋත්තරකරු වූ සහරාන් හෂීම් විසින් භාවිතා කළ වී8 වර්ගයේ සුඛෝපභෝගී රථය හිටපු මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් භාවිත කරන බවට පලවූ මාධ්‍ය වාර්තාව අද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කෙරනි.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු විසින් මේ ප්‍රශ්න කිරීම හිටපු පොලිස් ඇමතිවරයාගෙන් සිදුකළේය.
එවිට හිටපු ඇමති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර කීවේ මේ කතාව තමන්ට උද උදේ ආරංචි වුණ බවය.
“අද උදේ මේ සිද්ධි මට ආරංචි වුණා. මා ඒ පිළිබඳව ලේකම්තුමාගෙන් ඇහුවා. ලේකම් තුමාට අනුව මේ වාහනය රාජ සන්තක කළ වාහනයක්. පසුව පොලිසිය විසින් විශේෂ කාර්ය බලකායට ඇටෑච් කරළා. එය මා පාවිච්චි කළේ නෑ. පාවිච්චි කරලත් නෑ.“
මේ අවස්ථාවේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර සහ ජාතික ජනබලාවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරකුමාර දිසානය විසින් විමසා සිටියේ සහරාන් හෂීම්ට එරෙහිව තවමත් අධිකරණයේ නඩුවක් පවතිද්දී නඩු භාණ්ඩ ලෙස ගැනෙන වාහනයක් ආරක්ෂක අංශ පාවිච්චි කරන්නේ කෙසේ ද යන්නය.







