එවකට නැගෙනහිර පකිස්තානය හෙවත් වත්මන් බංගලිදේශයේ 1971 සිදුවූ ජන සංහාරය සහ 26/11 මුම්බායි ප්‍රහාරයන්ට යුක්තිය ඉටුකිරීමට පකිස්තානය පියවර ගත යුතු බව ඉන්දියාව අවධාරණය කරනවා.
2022 පළමු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල විවෘත විවාදයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිත ටීඑස් තිරුමූර්ති සදහන් කළේ මෙම අපරාධ සදහා පකිස්තානය වගකිය යුතු බවයි.
මේ වෙනුවෙන් යුක්තිය ඉටුකරවා ගැනීම සදහා ඉන්දියාව මෙන්ම බංගලාදේශය ද අවස්ථා ගණනාවක දී අන්තර්ජාතික ප්‍රජාව හමුවේ කරැණු දක්වා ඇතත් එය මෙතෙක් ඉටුව නොමැති බව ද ඔහු එහිදී පෙන්වා දුන්නේය.
තවදුරටත් ත්‍රස්තවාදයට අනුබල දෙන බව පවසමින් ඉන්දියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී පකිස්තාන හමුදාවේ සහ රාජ්‍යයේ ක්‍රියාකාරීත්ව සම්බන්ධයෙන් දැඩි විවේචනයක් ද එල්ල කළ බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සදහන් වේ.
පකිස්තාන හමුදාව විසින් 1971 දී එවකට නැගෙනහිර පකිස්ථානය හෙවත් වත්මන් බංගලිදේශයේ මිලියන තුනක පමණ බෙංගාලි ජාතිකයන් ඝාතනය කළ බවට චෝදනා එල්ල වී ඇති අතර මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයෙන් විදේශිකයන් ඇතුළු පුද්ගලයන් 180 ක් පමණ ඝාතනයට ලක්විය.









