බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන HMPV වෛරසය ආසාදනය වූ පුද්ගලයෙක් හමුවූ කතාව බොරුවක්… බොරු කියලා රටට හානි කරන්න එපා….

by editor
ජනවාරි 9, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • මාධ්‍ය කියන්නේ රේටින්ස්, වීව්ව්ස් හෝ මුදල් නොවෙයි… පාර්ලිමේන්තුවේ ඉන්නා මාධ්‍ය ප්‍රධානියාට සෞඛ්‍ය ඇමති කියයි!

චීනයේ ව්‍යාප්ත වෙමින් ඇති HMPV වෛරසය ආසාදනය වූ රෝගියෙක් ලංකාවෙන් හමුවූ බවට වූ පුවත මහාචාර්ය නීලිකා මලෙවිගේ විසින් කළ ප්‍රකාශයක් විකෘති කොට වාර්තා කිරීමක් බවත්, මෙවැනි සංවේදී කාරණා වාර්තා කිරීමේ දී එවැනි මාධ්‍ය ආයතනයකින් එවැනි හැසිරීමක් බලාපොරොත්තු නොවන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස අද පැවසුවේය.

තමන් මේ බව කියන්නේ එම මාධ්‍යයට සම්බන්ධ පුද්ගලයින් මේ පාර්ලිමේන්තුවේ ද සිටින බැවින් යැයි කී ඇමතිවරයා මධ්‍ය යනු රේටින්ස්ම නොවන බවත්, වීව්ස් ම නොවන බවත් ලාභයම නොවන බවත් ජනතාවගේ ජීවිත සහ රටේ ආර්ථිකයට ඍජුව බලපාන සංවේදී කාරණා පිළිබඳව සිදුකරන මෙවැනි වාර්තාකරණයන් කිසිවෙක් අනුමත නොකරන බවත් සෞඛ්‍ය ඇමතිවරයා කීවේය.

ඇමතිවරයා ප්‍රකාශ කළේ මෙසේය.

චීනයේ ව්‍යාප්තව තිබෙන වෙවෙරසය සම්බන්ධව මාධ්‍යවලින් ප්‍රකාශයක් තියනවා. කොවිඩ් වගේ ව්‍යාප්ත වෙයි ද. අමාත්‍යාංශය ලෙස ගෙන ඇති ක්‍රියාමාර්ග

මේ සම්බන්ධව අපි ඉතාම සුපරික්ෂාකාරීව ඉන්නේ. ජනාධිපති තුමත් අවධානය යොමු වෙලා තියෙන්නේ. වසංගත රෝග නිවාරන ඒකකය නිරන්තරව මේ සම්බන්ධව වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සපයමින් ඉන්නවා. ඒ නිසා මෙවැනි රෝගියෙක් වාර්තා වුනොත් අපි රට දැනුම්වත් කරන්න කටයුතු කරනවා. ඒ වගේම ඒකට අදාල කරන ක්‍රියාමාර්ග අරගනිමින් ඉන්නේ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මම දැක්කා ඊයේ සමහර මාධ්‍ය සහ එය පදනම් කරගෙන සමහර සමාජ මාධ්‍ය බියක් පතුරුවමින් තිබුණා පළමු HMPV රෝගියා ලංකාවෙන් වාර්තා වුනා කියලා. ඒකට පදනම් කරගෙන තියෙන්නේ ශ්‍රී ලංකා මෙඩිකල් ඇසෝසියේෂන් එක ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා. එතනදි මහාචාර්ය නීලිකා මලවිගේ කියපු ප්‍රකාශයක්. ඇත්තටම ඇය නිවැරදිව සඳහන් කළා මීට කලින් එහෙම රෝගියෙක් වාර්තා වෙලා තිබුණා කියන එක. හැබැයි සමහර මාධ්‍ය එය වාර්තා කරලා තිබුණෙ ජනතාව බිය ගැන්වෙන ආකාරයට. දැන් මේ මොහොතේ දී රෝගියෙක් වාර්තා වුන විදිහට තමයි.

ඒ නිසා මම ඒ මාධ්‍ය ආයතනවලට කියන්න කැමතියි වීව්ස්ම නෙමෙයි මාධ්‍ය කියන්නේ. රේටින්ම නෙමෙයි මාධ්‍ය කියලා කියන්නේ. ලාභයම නෙමෙයි මාධ්‍ය කියන්නේ. මේවා ජනතාවගේ ජීවිතවලට සහ රටට බලපාන සංවේදී කාරණා. මේවා විද්‍යාත්මකයි. විද්‍යාත්මක දතත් මත පදනම්ව තමයි මේකට කටයුතු කරන්න ඕනකම තියෙන්නේ.

ඒ වගේම මේ වගේ සංවේදී කාරණා ආර්ථිකයට බලපානවා. තිබෙන ඇත්ත අපි කියනවා. මේ වෛරස් පිළිබඳ පරික්ෂා කරන්න රටේ ස්ථාන 20ක් නම් කරලා තියනවා. මෙවැනි රෝගීන් සම්බන්ධයෙන් . මේ රෝග ලක්ෂණ සහිත එක් රෝගියෙක් ගැන සැක පහළ වෙලා තිබුණා. ඒ ගැන පරීක්ෂා කළා. නමුත් ඒ රිපෝට් එක නෙගටිව්.

ඒ නිසා මේ තියන තත්ත්වය ගැන ඇත්ත වාර්තා කරන්නම්. මහාචාර්ය තුමිය කළ ප්‍රකාශය පදනම් කරගෙන, ඇය කිව්වෙ පරණ සිදුවීමක්…. ඒක පදනම් කරගෙන රේටින්ස් ගන්න එහෙටත් නැති මෙහෙටත් නැති දැන් වාර්තා වුනා වගේ ප්‍රකාශය වාර්තා කිරීම අපි කියන්නේ කවුරුත් අනුමත කරන්නේ නෑ.

එමනිසා මම මේ විශේෂයෙන්ම කියන්නේ… ඒ මාධ්‍ය ආයතනයට සම්බන්ධ අය මේ පාර්ලිමේන්තුවෙත් ඉන්න නිසා කරුණාකරලා රට ගැන හිතලා එවැනි දේවල් කරන්න එපා කියලා මම මේ වෙලාවේ කියන්න කැමතියි…

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉස්ලාමයට අපහාස කිරීමේ වරදට වරදකරු වු ඥානසාර හිමි මාස 09්ක් හිරේට…

Next Post

එක දැලයි… මඩු මාළු කිලෝ 8000යි… වටිනාකම ලක්ෂ 75යි… මාළු තොගය  ලක්ෂ 60කට මුදල් වෙයි…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.