කීර්ති ප්‍රනාන්දු –
චීන පොහොර තොගයක් රැගත් හිපෝ ස්පිරිට් නෞකාව ඊයෙ(07) රාත්‍රියේ කොළඹ වරායේදී ජලය ලබා ගත් බව හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා මහතා පවසයි
ඔහු වැඩිදුරටත් පවසන්නේ නෞකාව කොළඹ වරායේ සිට සැතපුම් දහ තුනක් දුරින් පිටත වරායේ නවතා මෙම සැපයුම් ලබා ගත් බව ය.
ජලය ලබා ගැනීමෙන් පසු නෞකාවයි යළි ගමන ආරම්භ කර ඇති බවත් මේ වන විට එම නෞකාව මොරටුව ආසන්නයේ ගමන් කරමින් පවතින බවද තහවුරු වී තිබේ.







