බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අත්නොහරින සටනක් ගැන සිරිල් ගාමිණි පියතුමන්ගෙන් ඉඟියක්…

by Lanka Sara Editor
නොවැම්බර් 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉල්ලා අරගලයක යෙදෙන සැමදෙනා හුදු දුර්වල මිනිසුන් වුවත් ඔවුන් සමග වැඩ සිටින්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ බැවින් කිසිදු මිනිස් බලවේගයකට ඒ අරගලය පරාජය කළ නොහැකි බව තමන් විශ්වාස කරන්නේ ඇයි අද දිනයේ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසති.

උන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම අද ට යෙදී තිබුණු අතර එම කටයුත්ත සිදු වීමට පෙර සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ෆේස්බුක් සටහනක් තබමින් මෙම ප්‍රකාශය කර තිබුණි.

අදාල සම්පූර්ණ සටහන මෙසේය .

“පාරාවෝ දුටුවේ මෝසෙස්තුමා පමණකි. මෝසෙස් තුමන්ව තෝරාගෙන බලගන්වා එතුමන් සමග නිරන්තරයෙන් සිටියා වූ සියලු බලැති දෙවියන් වහන්සේව පාරාවෝ නොදැක්කේ ය. ව්‍යසන ගණනාවකට පසුව වුව පාරාවෝ දුටුවේ මෝසෙස්තුමා ව පමණකි රතු මුහුද ඉදිරියට පැමිණ ඊශ්‍රායල් ජනතාව මුහුද සහ ඔවුන් පිටුපස හඹා ආ ඊජිප්තු හමුදාව මැද අසරණ වූහ.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ඊශ්‍රායල් ජනතාව විනාශ යැයි පාරාවෝ සිතන්නට ඇත. ඊශ්‍රායල් ජනතාව ඉදිරියේ රතු මුහුද දෙබෑ වෙද්දි ඒ මහා බලය හුදු මිනිසෙකුව මෝසස් තුමන්ගේ නොව එතුමන් ඉදිරියෙන් වැඩම කළ මහෝත්තම දෙවියන් වහන්සේගේ බව පාරාවෝ තේරුම් ගනිද්දි ඔහුගේ හමුදාව මුහුදේ ගිලී විනාශ වී හමාරය.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය සාධාරණත්වය ඉල්ලා අරගලයක යෙදෙන සියලුදෙනා හුදු දුර්වල මිනිසුන් වෙති. එහෙත් ඔවුන් සමඟ වැඩ සිටින්නේ සියලු බලැති දෙවියන් වහන්සේ ය. එහෙයින් කිසිදු මිනිස් බලවේගයකට ඒ අරගලය පරාජය කිරීම කළ නොහැකි බව මම තරයේ විශ්වාස කරමි.

මේ අරගලයේ යෙදෙන කිතුනු නොකිතුනු සියල්ලත් සමඟ
නිරතුරුවම දෙවි මහෝත්තමයාණෝ වැඩ සිටින බව මම විශ්වාස කරමි. එහෙයින් අපි කවදාහෝ රතු මුහුද තරණය කරමු.

ජේසු පිහිටයි!”

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිරිල් ගාමිණි පියතුමා අත්අඩංගුවට ගෙන පාස්කු ප්‍රහාරය සම්බන්ධ ඇති වී තිබෙන කථිකාව මර්ධනය කිරීමට එරෙහිව කතෝලික පියතුමන්ලා හා කන්‍යා සොයුරියන් අද අලුත් කඩේ උසාවිය අසල නිහඬ උද්ඝෝෂණයක නිරත වූ අයුරු…

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජයේ රෝහල්වල හෙට වැඩවර්ජනයක්

Next Post

චීන පොහොර රැගත් නෞකාව කොළඹ වරායට ඇවිත් ගිහින්

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.