පරිපූරක වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය සේවාවන් 15ක 50,000ක පමණ වෘත්තීයවේදීන් පිරිසකගේ සහභාගිත්වයෙන් හෙට (09) උදේ 7 සිට අනිද්දා (10) දින උදේ 7 දක්වා සංකේත වර්ජනයක් ක්‍රියත්මක කරන බව පරිපූරක වෛද්‍යවෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති සහ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.
ඉල්ලීම් 6ක් සදහා දීර්ඝ කාලයක් තිස්සේ විසදුම් ලබා නොදීම සහ සෞඛ්‍ය ලේකම්වරයා විසින් වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තිකයින්ගේ ඉල්ලීම් නොසලකා හැරීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක ය.
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින් , ඖෂධවේදීන්, විකිරණ විද්‍යා තාකෂණවේදීන් ඇතුළු සියළු පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්, මහජන සෞඛ්‍ය පරීක්ෂක, ඖෂධ සංයෝජක, පවුල් සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු සියළු අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් සහ හෙද වෘත්තිකයින් සහභාගී වෙන මෙම වර්ජනය සදහා වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධව කටයුතු කරයි.
මාතෘ රෝහල්, පිළිකා රෝහල්, ළමා රොහල් සහ කොවිඩ් රෝහල්හි මෙම වර්ජනය ක්‍රියාතමක නොවන අතර, හදිසි, අත්‍යාවශ්‍ය හා ජීවිත ආරක්ෂණ සේවා සැපයීමට විධිවිධාන සපයා ඇත.
අමාත්‍යමණ්ඩලය අනුමත කල මාණ්ඩලික සේවා චක්‍රලේඛය, 5/7 උසස්වීම් චක්‍රලේඛය මාස හතරක් තිස්සේ තවම නොමැති වීම, ඖෂධ මිල අහස උසට, අනවශ්‍ය වියදම් කරමි, අවශ්‍ය සේවාවන් කප්පාදුවක, සෞඛ්‍ය ලේකම්ගේ කළමනාකරණය අතිශය දුර්වල වීම ආදී කරුණු මුල්කොට ගනිමින් මෙම විරෝධතාව පැවැත්වේ.
එමගින් සෞඛ්‍ය පරිපාලන සේවාව ස්ථාපිත කිරීම, වෘත්තීමය උපාධිධාරීන්ගේ වැටුප් විෂමතාවය සහ සමාන්තර සේවා විෂමතාවය ඉවත් කිරීම, මාණ්ඩලික සේවා චක්‍රලේඛය වහා නිකුත් කිරීම, 5/7 උසස්වීම් චක්‍රලේඛය වහා නිකුත් කිරීම, ඖෂධ මිල අඩු කිරීම, කොමිස් සදහා අනවශ්‍ය උපකරණ මිල දී ගැනීම, අනවශ්‍ය පරීක්ෂණ වියදම් පාලනය කිරීම, සෞඛ්‍ය ණය වහා ගෙවා දැමීම, අඩු ආදායම්ලාභී පාසැල් දරුවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා තහවුරු කිරීම යනාදී ඉල්ලීම් පිළිබඳ රජයට බලකෙරේ.