සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන්නු සජිත්ට සල්ලි දෙති

by Lanka Sara Editor
දෙසැම්බර් 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් මෙරට රෝහල්වල සෞඛ්‍යය නගාසිටුවීම අරමුණු කොට ගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයේ හුස්මක්” වැඩසටහන පිළිබඳව ප්‍රසාදය සහ, සතුට පළ කරමින් චීන රජය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් එම වැඩසටහනට පරිත්‍යාගයක් කර තිබේ.

ඒ අනුව වකුගඩු ආශ්‍රිත රෝග පිළිබඳව පරික්ෂණ සඳහා අත්‍යවශ්‍යව පවතින Kidney Dialysis Machine සදහා රුපියල් ලක්ෂ එකසිය අනූහයක මූල්‍ය ආධාරයක් ලබා දීමට චීන රජය අද (22) කටයුතු කර ඇත.

මෙම ආධාර මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් චීනය සමඟ පැවැති සාකච්ඡාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිරන්තරයෙන් අවධාරණය කළේද තම රටේ පුරවැසියන් වෙනුවෙන්  ණය මුදලක් වෙනුවට පරිත්‍යාගයක් ලබා දෙන ලෙසය.

අදාල වැඩසටහන ඒ පවත්නා විනිවිදභාවය පිළිබඳව දැඩිව පැහැදීමට පත්ව සිටින තමන් මෙම පරිත්‍යාගය ලබාදෙන බව පැවසීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද හුස්ම සමාජ සත්කාර වැඩසටහන මේ වන විට අදියර තිස් හතරක් පවත්වා තිබේ.

ඒ හරහා රෝහල් වලට අත්‍යවශ්‍ය රෝහල් උපකරණ ලබාදීමට කටයුතු කරන ලද අතර ඉතා විනිවිද ලෙසත්, ක්‍රමානුකූලව සහ ප්‍රශස්ත ලෙසත් එම කටයුත්ත සිදු කරන බවට තමන්ට නිරීක්ෂණය වී ඇතැයි  කොළඹ චීන තානාපති කී. සෙන්හොංග් මහතා පැවසීය.

මේ පිළිබඳව ස්වකීය අවධානය යොමු කළ චීන රජය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කොට අදාල පරිත්‍යාගය සිදු කිරීමට තීරණය කරනු ලැබීය.

මෙරට ජනතාවගේ සුභසිද්ධිය සහ සෞඛ්‍යය වර්ධනය කිරීම වෙනුවෙන් චීනය ලබා දුන් මෙම පරිත්‍යාගය පිළිබඳව ස්වකීය කෘතවේදීත්වය ශ්‍රී ලංකාව වෙනුවෙන් පුද කරන බව පැවසූ විපක්ෂ නායකවරයා, සම්ප්‍රදායක විපක්ෂයක භූමිකාවෙන් මිදී රටට අගයක් එකතු කිරීමේ රාජ්‍යතාන්ත්‍රික කැපවීම සමගි ජන බලවේගය ආදර්ශයෙන්ම පෙන්වන බව පැවසීය.

ඉතිහාසයේ කිසිදු විපක්ෂයක් නොකළ සංවර්ධන කටයුතු රැසක් බලය නැතිව පවා ඉටු කිරීමට තම පක්ෂයට හැකිවූ බව පැවසූ විපක්ෂ නායකවරයා තමත් සිදුකරන්නේ දේශපාලනය වෙනුවට දේශසේවය බවද පැවසීය.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට පෙර වට 34 ක් තුල ලක්ෂ 1016ට අධික වටිනාකමකින් යුක්ත රෝහල් උපකරණ ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරනු ලැබීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ විශාලතම දික්කසාද වන්දිය ගෙවන්න ඩුබායි පාලකයාට නියෝගයක්

Next Post

චමුදිත එක්ක කොවිඩ් ගැන කතා කළ “අපරාධයට“ වෛද්‍ය චමල් සංජීවට   චෝදනා පත්‍රයක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.