චීනය තුළ උගත් රැකියා විරහිත පුද්ගල සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ නඟිමින් සිටින අතර ආර්ථික තත්ත්වය පහළ වැටෙමින් තිබෙන බව ලෝක ආර්ථික සංසදයේ ආර්ථික දැක්ම උපුටා දක්වමින් ‘ග්ලෝබල් ස්ටාර්ට් වීව්’ වාර්තා කරයි.
රටේ ආර්ථිකය කඩා වැටීම නිසා චීන ජනතාව දිගින් දිගටම දුෂ්කරතාවන්ට මුහුණ දෙන බවත්, ඒ හේතුවෙන් සමාජ අසහනය ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බවත් එහි සඳහන් ය. පහත වැටෙන ආර්ථිකය සමඟින් පීඩිත පන්තිය පමණක් නොව මධ්‍යම පාන්තික සමාජය ද දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇත. ඉහළ මධ්‍යම පාන්තික සමාජය තුළ රැකියා විරහිත පුද්ගලයින් ඉහළ ගොස් ඇති අතර අලෙවිකරණ, භාණ්ඩ බෙදාහැරීම රියැදුරන් වැනි අඩු වැටුප් සහිත රැකියාවල නිරත වීමට ඔවුන්ට සිදු ව තිබේ. සමෘද්ධිමත් චීනයක් වෙනුවෙන් තිබූ බලාපොරොත්තු මේ වන විට ආර්ථික තත්ත්වය සමඟින් අභියෝගයට ලක්ව ඇති අතර වසංගතය විසින් එම තත්ත්වය වඩාත් දුෂ්කර කර ඇත.
රට පහළ මට්ටමකට ගමන් කරන අතරම, අධ්‍යාපන ක්‍රමය සහ සෞඛ්‍ය සේවය ද මිල අධික වෙමින් පවතී. එලෙසම, පන්ති ක්‍රමය දැඩි වෙමින් පවතින අතර ආදායම් තවදුරටත් වැඩි නොවන තත්ත්වයට පැමිණ ඇත. ආර්ථික කඩා වැටීම් හේතුවෙන් ජනතාව අතර නොසන්සුන්තාවයන් වර්ධනය වෙමින් රජයට එරෙහිව විරෝධතාවයන් ද පැවැත්වේ