රටේ පවතින දැවැන්ත ඖෂධ හිඟය මඟහරවා ගැනීමට දක්වන සහයෝගයක් වශයෙන් චීන රෙන්මන්බී( RMB ) මිලියන 35ක් එනම් ලංකා මුදලින් රුපියල් බිලියන 1.8ක් වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් රැගත් ගුවන් යානා දෙකක් අද (27) මෙරටට පැමිණීමට නියමිත බව චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
පසුගිය ජූනි සහ සැප්තැම්බර් මාසවලදී චීනය රෙන්මන්බී (RMB) මිලියන 23ක එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 1.2ක ඖෂධ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇතැයි ද චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
✈️💊✈️💉
To support #SriLanka to overcome medicine shortages, two chartered flights of essential medicines worth 35 million RMB (1.8 billion LKR) gifted by #China will arrive Colombo on Thursday.In Jun & Sept, 🇨🇳 had already donated 23 mln RMB (1.2 bln LKR) medicines to 🇱🇰. pic.twitter.com/5tj4DbDfBV
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) October 26, 2022







