චීනයේ බෙයිජිං නුවරදී අවසන් වූ ශීත ඍතු ඔලිම්පික් උළෙල උයිගුර් ජාතිකයන්ට එරෙහිව චීනයේ මානව හිමිකම් කඩකිරීම් වසන් කිරීම සඳහා දේශපාලන සුදු හුනු ගෑමක් ලෙස භාවිතා කළ බව උයිගුර් ප්‍රජාව නියෝජනය කරන සංවිධාන පවසයි.
මෙම වසරේ ශීත ඍතු ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල් පැවැත්වීමෙන් චීන ජනාධිපති ෂී ජින් පින්ග් උපරිම ප්‍රයෝජන ගෙන ඇති බවටත් එම උළෙල චීනයේ විශිෂ්ටත්වය ව්‍යාජ ලෙස හුවා දැක්වීමට යොදාගත් බවටත් එම සංවිධාන චෝදනා කරයි.
සමාරම්භක උත්සවයේ අවසන් ගිනිසිළුව දරන්නා ලෙස චීනය උයිගුර් ක්‍රීඩකයෙකු පවා තෝරා ගත්තේ චීනය උයිගුර්වරුන්ගේ ආරක්ෂාව සහ පිළිගැනීමට සුදුසු ස්ථානයක් බවට ලොවට ව්‍යාජ ප්‍රචාරය කිරීමට බව එම සංවිධාන පෙන්වා දී තිබේ.
චීනයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සාක්ෂි බිහිසුණු වුවද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඒවා නොතකා බීජිං හි ක්‍රීඩා උළෙළ පැවැත්වීමට ඉඩ දී චීනය දිරිමත් කර ඇති බවට ද එම සංවිධාන චෝදනා කරයි.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් සිය අතීත වැරදිවලින් පාඩම් ඉගෙන ගෙන ශීත ඍතු ඔලිම්පික් උළෙල පැවැත්වීමට චීනයට අවසර නොදිය යුතුව තිබු බව එම උයිගුර් සංවිධානවල අදහස වී තිබේ.