දිනසේන රතුගමගේ –
යාපනය, චාවකච්චේරි මරවන්පුලවු – අරුගුවේලි ප්‍රදේශයේදී රුපියල් කෝටි හතක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ 285 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු චාවාකච්චේරී පොලීසිය විසින් ඊයේ ( 12 ) අත් අඩංගුවට ගෙන තිබේ.
චාවකච්චේරි පොලිස් ස්ථානාධිපති පාලිත සෙනෙවිරත්න ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් සිදු කළ මෙහෙයුමකදී සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී පොහොර උරවල සඟවා තිබූ කේරළ ගංජා තොගය හමු වී ඇත.
මෙම සැකකරුවන් දෙදෙනා යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වන අතර ඔවුන්ට මෙම කේරළ ගංජා තොගය ලබා දී ඇත්තේ මහ පරිමාණයෙන් ඉන්දියාව හා උතුර අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරණ ව්‍යාපාරිකයෙකු විසින් බවට තොරතුරු අනාවරණය වී තිබේ.
සැකකරුවන් දෙදෙනා චාවාකච්චේරී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.







