බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනතා බදු මුදලින් උසස් අධ්‍යාපනය ලබා ගන්නා ඇතැම් විෂය ධාරාවල උපාධි ධාරීන්ගෙන් සියයට 50ක් යළි නොඑන්නම පිට රට යනවා… අධ්‍යයනයකින් හෙළි වෙයි!

by editor
අගෝස්තු 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජනතාවගේ බදු මුදලින්  රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඇතැම් විෂයයන් යටතේ  උසස් අධ්‍යාපනය හදාරා    උපාධි ලබා ගන්නා සිසුන්ගෙන් සියයට 50කට වැඩි පිරිසක් රට හැර යන බවත් කිසිදා ආපසු නොඑන බවත් අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරල සහ ලක්ෂ්මන් කුමාර විසින් සිදු කරන ලද අඛණ්ඩ අධ්‍යයනයකින් මෙම යථාර්ථය නිරීක්ෂණය වී ඇත.

ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ උපාධිධාරීන්ගේ සංක්‍රමණ ප්‍රවණතාවය සහ රටේ බදු ගෙවන්නන්ට දැරීමට සිදුවන පිරිවැය තේරුම් ගැනීම සඳහා මහාචාර්ය අතුකෝරල සහ ලක්ෂ්මන් කුමාර මෙම අධ්‍යයනය සිදු කර තිබේ. .

පේරාදෙණිය  විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා   මහාචාර්ය වසන්ත අතුකෝරල උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කරන්නේ  විශ්වවිද්‍යාලයේ  සමහර අධ්‍යයන අංශවල   සිසුන් 80 ත් 90 ත් අතර සංඛ්‍යාවක් විදෙස් රටවලට සංක්‍රමණය වන බවය. නිදහස් අධ්‍යාපනය හරහා ඔවුන් සඳහා වැය කරන මුදල් සැලකිල්ලට ගත් විට මෙය බරපතල කනස්සල්ලක් බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.  “සංක්‍රමණය වන බොහෝ දෙනෙක් විශ්ව විද්‍යාල මට්ටමින් ඉහළම කාර්ය සාධනයක් ලබා ගන්නා හොඳම උපාධිධාරීන්” බව හෙතෙම පෙන්වා දී ඇත.

සමහර අවස්ථාවලදී, විද්‍යාව පදනම් කරගත් උපාධි හදාරන   සිසුන් සියලුදෙනාම  පාහේ රට හැර යන බවත්  කිසිදා ආපසු නොඑන බවත් මහාචාර්යවරයා සිය අධ්‍යයනයේ ප්‍රතිඵල මත පදනම්ව ඩේලි මිරර් වෙත ප්‍රකාශ කර  තිබේ.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

“වර්තමානයේ රාජ්‍ය අංශයේ විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයින් 142,000 ක් පමණ අධ්‍යාපනය ලබනවා. ඔවුන්ගෙන් 25% ක් කලා, 20% ක් කළමනාකරණ සහ වාණිජ, 13% ක් ඉංජිනේරු. වෛද්‍ය, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය සහ සම සෞඛ්‍ය අංශවල  10% ක් සහ කෘෂිකර්ම සහ පරිගණක විද්‍යාව 11% ක් ලෙස ඒ සිසුන් බෙදී යනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මෑත   සිට වාර්ෂිකව ජාතික විශ්වවිද්‍යාල සඳහා සිසුන් 44,000 ක් පමණ බඳවා ගන්නවා.  2023 දී මුළු උපාධි  ලාභීන්  33,306 ක් වුනා” ඔහු පැහැදිලි කළේය.

කළ යුත්තේ කුමක් ද?

“2023 දී විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා රජය රුපියල් බිලියන 87 ක් පමණ වියදම් කර කළා.  එයට පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 69.9 ක් සහ ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 16.7 ක් ඇතුළත් වෙනවා. ඊට අමතරව, අදාළ විශ්වවිද්‍යාල තමන්ගේම ඉපැයීම් අරමුදල් ද  මේ  අධ්‍යාපනය සඳහා වියදම් කරනවා” මහාචාර්ය අතුකෝරල තවදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ උපාධිධාරීන්ගේ සංක්‍රමණ ප්‍රවණතාවය සහ රටේ බදු ගෙවන්නන්ට දැරීමට සිදුවන පිරිවැය තේරුම් ගැනීම සඳහා මහාචාර්ය අතුකෝරල සහ ලක්ෂ්මන් කුමාර  විසින් සිදුකළ අධ්‍යයනයේ දී ඔවුන් නිර්දේශ කරන්නේ ෙරාජ්‍ය විශ්වවිද්‍යාලවල නොමිලේ උසස් අධ්‍යාපනය සම්පූර්ණ කිරීමෙන් පසු සංක්‍රමණය වන ශ්‍රී ලාංකික සිසුන් තම අධ්‍යාපන පිරිවැය  රජයට ප්‍රතිපූරණය කළ යුතු බවය.

“රජයට පිරිවැය ගෙවීමට ඔවුන්ට  නොහැකි නම්, අවම වශයෙන් ඔවුන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 50,000 ක් යැවිය යුතුය. බොහෝ විට ඔවුන් මෙම මුදල් රටේ සිටින ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සඳහා යැවිය යුතු අතර එය රටට යම් ප්‍රතිලාභ ලබා දෙනු ඇති” ඔහු පැවසීය.

මෙම නිර්දේශය ඔවුන් ඉදිරිපත් කරන්නේ  රට පුරා රාජ්‍ය විශ්වවිද්‍යාල 19 කින් එකතු කරන දත්ත මත පදනම්වය.

රජය දරන පිරිවැය 

අධ්‍යයනයට අනුව, රජය වාර්ෂිකව එක් සරවි  සිසුවෙකුට ආසන්න වශයෙන් රුපියල් 500,000 ක් වැය කරන අතර එය උපාධි වැඩසටහන අනුව වාර්ෂිකව එක් සිසුවෙකුට රුපියල් 400,000 සිට රුපියල් මිලියන 1.4 දක්වා වෙනස් විය හැකි බව පෙනී ගොස් තිබේ. කෙසේ වෙතත්, විශේෂයෙන් විද්‍යා, කෘෂිකර්ම සහ ඉංජිනේරු පීඨවලින් උපාධිධාරීන් විශාල සංඛ්‍යාවක් සංක්‍රමණය වෙමින් සිටින අතර ආපසු රටට නොඑන බව අනාවරණය කරගැනීමට මෙම අධ්‍යයනයෙන් හැකි වී තිබේ.

මහාචාර්යවරයා තවදුරටත් අදහස් දක්වමින් පෙන්වා දෙන්නේ  රටේ වත්මන් විරැකියාව හේතුවෙන් උපාධිධාරීන්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට බල කිරීම ප්‍රායෝගික නොවන බවය.  රටේ පෞද්ගලික හෝ රාජ්‍ය අංශයේ අඩු වැටුප් ලබා දෙන බැවින්, බොහෝ දෙමව්පියන් ද තම දරුවන් සංක්‍රමණය වීමට සහාය වෙමින් සිටිති. මෙම ප්‍රවණතාවය වළක්වා ගැනීම සඳහා විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් ව්‍යවසායකයින් ඇති කිරීම දිගුකාලීන විසඳුමක් විය හැකි බව ඔහු පෙන්වා දෙයි.

රජය වසරකට එක් සරසවි සිසුවෙක් වෙනුවෙන් රුපියල්  මිලියන 1 ක් වැය කරන පාඨමාලාවක දී  මෙම ක්ෂේත්‍රයේ එක් උපාධිධාරියෙකු ඇති කිරීම සඳහා රජය  ආසන්න වශයෙන් ජනතා බදු මුදලින් ඇමරිකානු ඩොලර් 13,500 ක් වැය කරයි.   එබැවින්, විදේශයන්හි ස්ථිරව පදිංචිවන සිසුන් තම අධ්‍යාපනය සඳහා වන රාජ්‍ය ආයෝජනයෙන් කොටසක් අය කර ගැනීම සඳහා ඇස්තමේන්තුගත ඇමරිකානු ඩොලර් 10,000 සිට 15,000 දක්වා මුදලක් රජයට ආපසු ගෙවන ක්‍රමයක් අධ්‍යයනයෙන් යෝජනා කෙරේ. මෙයට ඔවුන්ගේ පාසල් කාලය තුළ ඔවුන්ට ලබා දෙන නිදහස් අධ්‍යාපන වියදම් ඇතුළත් නොවේ.

මෙම පර්යේෂණය තවමත් සිදුවෙමින් පවතින අතර වසර අවසන් වන විට මෙම කාර්යය අවසන් කර මෙම ගැටලුව පිළිබඳ පුළුල් වාර්තාවක් සකස් කිරීමට කණ්ඩායම සැලසුම් කර ඇති බව වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මන්නාරමේ සුළං විදුලි බලාගාරය ඉදිකිරීම වළක්වා අධිකරණ නියෝගයක්…ගෙනත් තිබූ ටර්බයින් සංරචක ඇතුළු උපකරණත් හරවා යවයි!

Next Post

චාවකච්චේරියෙන් කෝටි 07ක කේරල ගංජා අල්ලයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.