සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඡන්දයක් ලංවනවිට ඡන්ද ගොඩ වැඩිකරගැනීමට ක්‍රම හොයන අලජ්ජී දුර්දාන්ත පාලකයින්ට මල්වතු මහා නා හිමියන් එළිපිටම කී කතාව…

ජාතීන් කොටවන අන්තවාදී පාලකයින් ඉන්නතුරු ලෝකයට පේන්න කොමිෂන් පිහිටුවා වැඩක් නෑ... කොමිෂන් සභාවලින් වැඩක් වෙන්න පාලකයින් අවංක විය යුතුයි... මල්වතු මහා නාහිමියෝ මේ රටේ දුර්දාන්ත පාලකයින්ට එළිපිටම කියති!

by editor
පෙබරවාරි 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ඡන්දයක් ලංවත්ම ස්වකීය ඡන්ද ගොඩ වැඩිකරගැනීම සඳහා   හැසිරෙන අන්තවාදී පාලකයින් මේ රටේ සිටිනතාක්       “සත්‍යය, සමඟිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාල” වැනි  කථාවලින්   කිසිම පලක් නොවන බවත්  කොමිෂන් සභාවලින් වැඩක් වෙන්නට  නම් රටේ පාලකයින් අවංක විය යුතු බවත්  මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ අවධාරණය කළහ.

සෑම චන්දයක් ඉදිරියේම කරළියට පැමිණි අකාරයට නැවත වරක් එළි බැස   ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත් එවැනි බොරු කතාවක් බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

සත්‍යය,සමඟිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ අසංග ගුණවංශ   ඇතුළු කණ්ඩායමක් අද (19) මල්වතු මහා විහාරයට ගොස් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ මහා නා හිමියෝ  මේ බව ප්‍රකාශ කළහ.

මහා නායක හිමියන් පෙන්වා දුන්නේ  තමන් වහන්සේ  මහානායක පදවියට පත්වුයේ මීට විසි වසරකට පෙර එනම්   2004 අවුරුද්දේ  බවය. එතැන් සිට අද දක්වාම මේ රටේ දේශපාලකයින් හැසිරී ඇත්තේ කිසිවෙකුටත් ඇහුම්කන් නොදෙන ගස් ගල් විලාශයෙන් බව ඒ වකවානුව තුළ පළ වූ පුවත්පත් වාර්තා ලිඛිත සාක්ෂි සපයන බව උන් වහන්සේ කීහ.

ඡන්දයක් ආසන්නයේ මෙවැනි  කාර්යාලය පිහිටුවීමට   ආණ්ඩුව උත්සාහ කරන්නේ ජාත්‍යන්තරය සතුටු කර  ආධාර ටිකක් ලබා  ගන්න විය හැකි යැයි තමන් වහන්සේ විශ්වාස කරන බව කී මල්වතු මහා නායක හිමියෝ මෙවැනි වැඩකට නැති  දේ ගෙනැවිත්  දේශපාලකයින් ජනතාව බොරු කියා රවට්ටන්නේ යැයි ද    ජනතාව හැමදාම රැවටුනේ යැයි ද පැවසූහ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එම නියෝජිතයින් අදහස් ඉදිරිපත් කළ අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දක්වමින් මල්වතු මහනාහිමියෝ මෙසේද පැවසූහ.

“ඉදිරියට එන්නේ මැතිවරණ කාලයක්. ඔය සංහිඳයාව පිළිබඳ කොමිෂන් සභා පිහිටුවන්න කාලයක් තියේද කියන එක සැකයි. රටේ ජාතික සමඟිය ඇති කරන්න පසුගිය කාලයේ නොයෙකුත් ජාති කළා. සමඟියෙන් ඉන්න ජනතාව භේද කරන්නේ දේශපාලනඥයින්. ඔවුන් හැම වෙලාවෙම වැඩ කරන්නේ ඡන්ද බලාගෙන. දෙමළ දේශපාලනඥයින් උතුරු නැගෙනහිර ජනතාව දකුණේ ජනතාව සමඟ විරසක කරලා ඡන්ද ගොඩ වැඩිකර ගන්න හදනවා. දකුණේ සිංහල දේශපාලනඥයින් දේශපාලනය කරන්නේ උතුරේ දෙමළ ජනතාව විරසක වෙන ආකාරයේ ප්‍රකාශ කරමින්. ජාතික සමඟියක් ඇති කරන්න කියලා කතා කරලා කරන තරමක් කරන්නේ භේද ඇති කරන එකයි.

අන්තවාදී දේශපාලනඥයින් රටේ ඉන්න කල් මේ වගේ කාර්යාල පිහිටෙව්වා කියලා වැඩක් වෙන්නේ නැහැ. මේ කොමිෂන් සභා වලින් වැඩක් වෙන්න නම් පාලකයින් අවංක වෙන්න ඕන.

මම මහානායක පදවියට පත්වුණේ 2004 අවුරුද්දේ. එදා ඉඳන් ජාතික සමඟිය, සංහිඳියාව ගැන කතා කරනවා. පරණ පත්තර බැලුවොත් පෙනෙයි කියලා තියෙන දේවල්. කවුරුවත් ඇහුම් කන් දෙන්නේ නැහැ. හරියට ගස් ගල් වලට කිව්වා වගේ.

විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න කියලා දැන් කතා කරනවා. මේක කියන්නේ කොයි කාලේ ඉඳලද?. ජනපතිවරණයක් ලං වෙනකොටම මේ ගැන කතා කරනවා. ඊට පස්සේ සද්දයක් නැහැ. ඒ නිසා මේවා ගැන කතා කරලා වැඩක් නැහැ.

ඔය කියන දේවල් වැඩකට ඇති දේවල් නෙවෙයි. දේශපාලකයෝ බොරු කියලා ජනතාව රවට්ටනවා. අපි හැමදාම රැවටුණා. පහුගිය කාලයේ නොයෙක් දේවල් වලට කොමිෂන් සභා පත් කළා. ඒවායින් රටට මොනවද වෙලා තියෙන්නේ. රජයේ නිලධාරීනුත් හරියට වැඩක් කරන්නේ නැහැ. දේශපාලනඥයෝ යි රජයේ නිලධාරිනුයි හරියට වැඩක් කරනවා නම් මේ රටේ මෙතරම් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ.

අපේ ජාතික හා ආගමික සමඟිය ග්‍රාමීය ජනතාව අතර තියෙනවා. එදා සිංහල, දෙමළ, මුස්ලිම් එක පාසලේ එකට ඉගෙන ගත්තා. දේශපාලකයෝ මොකද කළේ එක එක ජාතීන්ට වෙන් වෙන්ව පාසල් ඇති කළා. මේකෙන් වුණේ ජාතීන් අතර පැවැති බැඳීම නැති වීමයි.

මේ රටේ ගොඩක් දේශපාලනඥයින්ට ඡන්ද ටික ගන්නේ කොහොමද කියන එක හැර රට දියුණු කරන එක ගැන හැඟීමක් නැහැ. මේ කොමිෂන් සභාව පිහිටුවන එකත් රැවටිල්ලක් කියන සැකය මට තියෙනවා.

යාපනයේ හිටපු සිංහල ව්‍යාපාරිකයින්ට අද එහේ ව්‍යාපාර කරන්න බැහැ. උතුරේ පන්සලක් හදන්න ගියාම ඇතිවන ප්‍රශ්න අපි දන්නවා. මේ ගිනි අවුළුවන්නේ දේශපාලනඥයින් හා ඔවුන් පසුපස යන සුළු පිරිසක්. බහුතර සිංහල හා දෙමළ ජනතාව සාමයට කැමැතියි. මේ කාර්යාලය පිහිටුවීමට මේ වෙලාවේ ආණ්ඩුව උත්සාහ කරන්නේ ජත්‍යන්තරය සතුටු කරලා ආධාර ටිකක් ගන්න ද කියලා තමයි මට නම් හිතෙන්නේ.

මෙහි දී අදහස් දැක් වූ සත්‍යය,සමඟිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ අසංග ගුණවංශ   පැවසුවේ .

රටට සාමය,   සත්‍යය සොයා ගැනීම අවශ්‍ය බවත්,  නැවත ඉදිරියේ දී මේ වගේ දේවල් නොවෙන්නට පසුබිම සැකසීමට නම්    ඒ සඳහා ක්‍රියාවලියක් අවශ්‍යය බවය.

“නමුත් එය තාමත් ඇතිවෙලා නැහැ. ස්වාධීන කොමිෂන් සභාව පිහිටුවීම සඳහා වන ක්‍රියාවලිය මගින් අපි මේ උත්සහ කරන්නේ එම යාන්ත්‍රණය සකස් කර ගැනීමටයි.  මේ නීති කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත වුණාට පස්සේ ස්වාධීන කොමිසමක් පත් කරලා ඒ ඔස්සේ රටේ සාමය, සමඟිය හා ප්‍රතිසන්ධානය ඇති කිරීමට පියවර ගැනීම තමයි මේ වැඩපිළිවෙළේ අරමුණ. “ ඔහු දීර්ඝ පැහැදිලි කිරිමක් අතර කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සිදූ ටෙලි නාට්‍යයේ සෝරත පොඩි හාමුරුවන්ගේ චරිතයට පණ පෙවූ කවීෂ් විහඟ පුතනුවෝ  සසුන්ගත වෙති!

Next Post

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය අතර හමුවක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.