සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝල්ෆේස් තරුණ අරගලකරුවනි… මගේ උපහාරය පිළිගන්න… කාදිනල් හිමියෝ කියති!

මේ අරගලය මර්ධනය කිරීමේ අඥාන සැලසුම් තිබෙනවා නම් අකුලා ගන්න... ලෝකයම ලංකාව දෙස බලාගෙන...

by editor
අප්‍රේල් 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

මේ වනවිට ගෝල්ෆේස් භූමිය කේන්ද්‍ර කරගෙන දියත් වී ඇති මේ රටේ සමස්ථ මහජන හදගැස්ම  රූපණය කරන සාධාරණ අරගලයේ නියැලී ඇති  තරුණ අරගල කරුවන්ට උපහාරය පුද කරන බව  අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපානෝ  පැවසූහ.

අද (18) අගරදගුරු මන්දිරයට කැඳවූ විශේෂ  මාධ්‍ය සාකච්චාවකට එක්වෙමින්   උන්වහන්සේ වැඩිදුරටත් කීවේ  ලෝක අවධානය යොමු වී ඇති මේ සාධාරණ ජන අරගලය මර්ධනය කිරීමේ අඥාන සැලසුමක් ආණ්ඩුවට පවතී නම් ලෝකය ඉදිරියේ ගර්හාවට ලක් නොවී එය අකුලා ගන්නා ලෙසය.

උන්වහන්සේ මෙසේ ද පැවසූහ.

“මේ ජන හඩට සවන් දීම රටේ පාලකයන් සතු වගකීමක්. රටේ පාලකයන්  රටේ අයිතිකරුවන් නොවෙයි.  කාලසීමාවකට ජනතාව විසින් රට භාර දුන් පිරිසක් පමණයි. ඒ භාරකරත්වය පමණයි ඔවුන්ට තියෙන්නේ. අයිතිය නොවෙයි. අයිතිය  තිබෙන්නෙ  ජනතාවටයි. ඒ නිසා ජනතාවගේ හඬට සවන් දීම ඔවුන්ගේ වගකීමයි. “

“මේ විරෝධතා ව්‍යාපාරය  යම් විදිහකින් හෝ  යටපත් කිරීමට හෝ මර්ධනය කිරීමට  රජය හෝ පාලනය කරන අය උත්සාහ කරන්නේ නම් එය මුළු රටේම පුරවැසියන්ට එල්ල කරන ප්‍රහාරයක් ලෙසයි අප දකින්නෙ. “

“ වංචාව දූෂණය හා භීෂණකාරී ප්‍රතිපත්ති මෙන්ම මේ රටේ ආර්ථිකය ආගාධයට ඇද දැමීම සඳහා හිතුවක්කාර කම් සේම  ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරමින් මේ රජය ගෙන යන වැඩපිළිවෙළ අපටත් පිළිගන්න බෑ “

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“අපට ආරංචි ලැබෙමින් තිබෙනවා මෙම උද්ඝෝෂකයන් මැර බලය හා සන්නද්ධ බලය යොදා පළවා හරින්න යම් යම් සැලසුම් කරලා තියනවා කියලා.“

එවැනි දෙයක් කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙන්ම අප කාටත් පිළිගත නොහැකි අශීලාචාර ප්‍රතිචාරයක් ලෙසයි අප හඳුන්වන්නෙ.  ජාත්‍යාන්තරය ද අප රටේ  ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් මානව ගෞරවය සම්බන්ධව අවධානය යොමු කර ඇති බව මා සඳහන් කර තියනවා. එබැවින් එවනි අඥාන ක්‍රියාදාමයන්ට නොගොස් ජනතා පරමාධිපත්‍යයට ගරු කරලා අප රට තුළ නව ක්‍රමවේදයක්  ඇති කළ යුතුයි කියලා අප යෝජනා කරනවා. “

නීතියේ ආධිපත්‍ය තහවුරු කළ, ජාති භේද ආගම් භේද ඇති කර බෙදා වෙන් නොකළ, දූෂණය පිටු දැකීම සඳහා ශක්තිමත්  ව්‍යුහයක් සහිත නව රටක් ඇති කළ යුතු බව උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

මේ කරුණු ගැන අවධානය යොමුකරමින් රට ඉදිරියට ගෙන යෑම සඳහා බල ලෝභයෙන් තොරව  සියලු පක්ෂවල නායකයින්ට එකතුවන ලෙස තමන් ඉල්ලා සිටින බවත්  තවදුරටත් මේ රජය ජනතා හඬට කන්නොදේ නම් තමන් වහන්සේත් පොදු ජනයා සමග එක්වන බවත් කාදිනල් හිමියෝ කීහ.

උන්වහන්සේ කළ ප්‍රකාශය පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජරමර අතරේ නව කැබිනට් මණ්ඩලයට අගමැතිගෙන් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක්…

Next Post

මහානායක හිමිවරුන් පවා නොසලකා අද පත්කළ කැබිනට් මණ්ඩලය පිළිගත නොහැකි ඇස් බැන්දුමක්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.