සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨාභයගේ ජන වරමේ ඉතිරි කොටස ගෙවා දමන්නට පැමිණි රනිල්ට 13 මුලුමනින්ම බලාත්මක කරන්න සදාචාරාත්ම අයිතියක් නෑ… අස්ගිරි නා හිමිවරු කියති!

by editor
අගෝස්තු 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජනතාව ගෝඨාභය රාජපක්ෂට ලබාදුන් ජනපති ධූර කාලයේ ඉතිරි කොටස ගෙවා දැමීමට පැමිණි රනිල් වික්‍රමසිංහට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම බලාත්මක කිරීම සඳහා සදාචාරාත්මක අයිතියක් නැතැයි අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, රංගරි දඹුල් රජ මහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල නාහිමියෝ පවසති.

මේ රටේ ජනතාව රනිල් වික්‍රමසිංහට මේ ආකාරයෙන් කටයුතු කරන්නට වරමක් ලබා දී නොමැති බවත් ඒ සම්බන්ධව ඒ ඔහු අවධානය යොමු කළ යුතුව තිබෙන බවත් උන්වහන්සේ කීහ.

වැඩිදුරටත් මේ සම්බන්ධව අදහස් දැක්වූ මංගල නාහිමියෝ මෙසේද පැවසූහ.

“ දහතුන්  වැනි ව්‍යවස්ථා සංශෝධනය හදුන්වා දී ගෙවුණු තිස් වසරක කාලය තුළ දේශපාලනඥයින් තමන් ගේ බලය තහවුරු කර ගැනීම සඳහාවන  ආයුධයක් ලෙස මේක පාවිච්චි කළා. දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පළාත් සභා ක්‍රමය  හඳුන්වා දුන් අවස්ථාවේ එයට එකඟතාව පළ කළේ රනිල් වික්‍රමසිංහ මහතා  ගේ පක්ෂය පමණයි. එදා ඊට විරුද්ධව කතා කළ අනෙක් පක්ෂ අද ඊට වඩා බලතල ලබාදිය යුතු බවට ප්‍රකාශ කිරීම පුදුම සහගතයි. “

“උතුරු නැගෙනහිර පළාත්වල වසර 30 ක් යුද්ධය තිබ්බා. රට බේරා ගන්න රණවිරුවන් ජීවිත දුන්නා. ඒ නිසා තවත් අය ආබාධිත වුණා. මේ වනවිට පළාත් සභා අක්‍රීය යි. එහෙම තත්ත්වයක දී උතුරු පළාතේ තරුණයින් කියනවා දහතුන අවශ්‍යය නැහැ කියලා. ඇත්තෙන්ම මේක මේ වෙලාවේ ගේන්න උත්සහ කරන්නේ ජනතා අභිවෘද්ධිය සඳහා නොව දේශපාලනඥයින් වාසි සඳහා යි.”

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“රටේ විශාල ආර්ථික අර්බුදයක් තිබෙනවා. ජනතාව  බුද්ධිමත්ව මේ ප්‍රශ්න දෙස බැලිය යුතුයි. පළාත් සභා තුළ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක වුවහොත් ඒක රටේ ඒකීයත්වයට  ප්‍රශ්නයක්. රටට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යය යි.  පළාත් සභා ක්‍රියාත්මක වන පසුබිමක නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් ඒ සඳහා සෑම පළාත් සභාවකින්ම අනුමැතිය ගන්න වෙනවා. දේශපාලන බලය තහවුරු කර ගැනීම පිණිස මේ වගේ දේවල් සමාජයට ඉදිරිපත් නොකර  පීඩාවට පත්ව සිටින ජනතාවට විසඳුම් දීමට පාලකයින් උනන්දු විය යුතුයි.”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු 75ක් දේශපාලකයින් විනාශ කළ රට ජනාධිපතිවරයා තනි පුද්ගලයෙක් ලෙස ගොඩ නගනවා… සංචාරක හා ඉඩම් ඇමති හරීන් ප්‍රනාන්දු  

Next Post

ගොයමට ගිනි තැබුවොත් වගා හානි වන්දිත් නෑ… පොහොර සහනාධාරයත් අයකරගන්න වෙනවා… කෘෂිකර්ම අමාත්‍යාංශය

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.