ලලිත් චාමින්ද –
ගෝඨාගෝගමේ ගාල්ල ශාඛාවේ විරෝධය මේ වනවිට නොනිදන අරගලයක් ලෙස වර්ධනය වෙමින් ඇත.
ගෝල්ෆේස් තනි නොකරමු තේමාව යටතේ ඊයේ පිහිටවූ ගෝඨාගෝගම ගාල්ල ශාඛාව වෙත විශාල පිරිසක් නිරන්තරව එක්වෙමින් ඇත.
එමෙන්ම ගෝඨාගෝගම ට සවියක් වීමට මහනුවර සියලු ජන අරගල එක් තැනකට ගෙන ඒමේ විරෝධතාවයක් හෙට උදේ 9 සිට සවස 3 දක්වා මහනුවර ටොරින්ටන් උද්‍යානය ඉදිරිපිට දී පැවැත්වේ.
එදිනට අරගලය ජයග්‍රහණය කිරීමේ අදහස් සහ යෝජනා එකතු කිරීමේ ජන අරගල මධ්‍යස්ථානයක් නුවරදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.







