සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගොවීන් නොවිමසා මහවැලිය වැව් 04ක වතුර එක් වර හිස් කරලා… හේතුව ඇහුවම සෙවනපිටිය කොට්ඨාස කළමනාකරු වියරු වැටිලා…

by editor
මාර්තු 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පිටවානක් අලුත්වැඩියා කරන බවට පවසා සෙවණපිටිය ප්‍රදේශයේ වැව් හතරක ජලය ඉකුත් පළවෙනිදා සිට මේ වනවිට නිරපරාදේ කුඩාඔය අමුණට මුදා හැරීම හේතුවෙන් තම ගම්මානයේ ධීවර ජනතාව, ගොවීන්, ගවයන් ඇතුළු විශාල පිරිසක් දැඩි ඇසුරුතාවට පත්ව ඇති බවත්, නෙළුම්වැව පිහිටි උණුවතුර ලිදකට ගවයකු වැටී මියගොස් ඇති බවත් නෙළුම්වැව ගම්වාසීහු සඳහන් කරති.

ඉකුත් පළවෙනිදා සිට මේ දක්වා නෙළුම්වැව 1, නෙළුම්වැව 2, රිදිපොකුණ, බොරවැව. යන වැව්වල ජලය ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සෙවනපිටිය කොට්ඨාස කළමණාකාර කාර්යාල   එකවර මුදාහැරීම හේතුවෙන්,ගම්මාන තුනක පවුල් 1500 කට ආසන්න  පිරිසක් පානීය ජල අර්බුදයට සහ දියනෑමට, මෙන්ම විවිධ අසීරුතාවට මුහුණ පා ඇති බව එම ගම්වාසීහු පෙන්වා දෙති.

අඩි 123 ක් දිගින් යුත් පිටවානක් අලුත්වැඩියා කරන බවට පවසා මෙම ජලාශ හතරෙම ජලය මුදාහැර තිබෙන බවත්, මේ මස 30 වෙනිදා, යල කන්නයේ වී වගා කිරීමට මාදුරුඔය ජලාශයෙන් ජලය නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර මෙම තත්ත්වය නිසා වැව් හතරට ජලය එක් රැස් කරගැනීමට නොහැකිවීමෙන්   ගොවිපවුල් 1500 කට ආසන්න පිරිසකට වී, හා අනෙකුත් බෝග වගා කිරීමට නොහැකි මට්ටමක් උද්ගත වනු ඇති බවත් ගොවීහු කියති.

වැව් හතරෙම ජලය එකවර මුදා නොහැර මෙම පිටවාන අලුත්වැඩියා කිරීමට ශ්‍රි ලංකා මහවැලි අධිකාරියට හැකියාව තිබූ    බව ගොවීහු පෙන්වා දෙති.

ඉදිරි යල කන්නේ වී වගා කිරීමට අවශ්‍ය ජලය, සහ   පානීය ජල ව්‍යාපෘති සඳහා ජලය ලබා ගැනීමට අවශ්‍ය බැවින් ඉතා කඩනිමින් මෙම වැව්වලට ජලය පිරවීමට අවශ්‍ය කටයුතු කරන මෙන් ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අප මෙම ගම්මානවල ජනතාවට අත්ව ඇති ඉරණම පිළිබඳ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ  සෙවනපිටිය කොට්ඨාස කළමණාකාර විමල් ජයන්තගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, වසර ගණනාවකට පසු ජනාධිපති සංවර්ධන අරමුදලින් ලැබුණු රුපියල් ලක්ෂ 50 ක වියදමින් පිටවාන අලුත්වැඩියා කිරිමට  කටයුතු කරන බවත්, මේ පිළිබඳ දැනුවත් කිරීමට ධීවර සංවිධාන සහ ගොවි සංවිධාන කැඳවා තිබුණද ඒ සඳහා නිලධාරින් තිදෙනෙකු හැර කිසිවෙකුත් නොපැමිණිය බවත්ය,

සිඳී ගිය නෙළුම් වැවේ උණුවතුර ළිං…

වැව් හදා ඇත්තේ කෘෂිකර්මාන්තයට වතුර දීමට බවත්. මාළු ව්‍යාපෘති සඳහා නොවන බවත්, කිසිදු පානීය ජල අර්බුදයක් මේ වනවිට හටගෙන නොමැති බවත්, පත්තරේ බැරි නං ටීවී එකේ ලොකුවට දාගන්නා ලෙසත් සෙවන පිටියේ මහවැලි කොට්ඨාස කළමනාකරු පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් වසර හයකට පුටින් ගේ බලය තහවුරු වෙයි!

Next Post

ලංකාවට පටවන්න තිබූ කෝටි 3ක කේරල ගංජා ඉන්දියාවේදි කොටු වෙයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.