දිනසේන රතුගමගේ –
තමිල්නාඩුවේ රාමනාදන්පුරම් ප්‍රදේශයේ සිට තලෙයිමන්නාරමට රැගෙන ඒම සදහා ඉස්සන් ගොවිපලක සගවා තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 400 ක් සමග එක් සැකකරුවකු රාමනාදන්පුරම් පොලීසිය විසින් ඊයේ ( 17 ) අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි තුනක් පමණ වෙතැයි ගණන් බලා තිබේ.
රාමනාදන්පුරම් පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම කේරළ ගංජා තොගය අත් අඩංගුවට ගෙන ඇති අතර අත් අඩංගුවට පත් සැකකරු ඉන්දීය ජාතිකයෙකි.
ඔහු බෝට්ටු පදවන පුද්ගලයෙකු වන අතර ඉන්දීය රුපියල් ලක්ෂයක ගාස්තුවක් මත එම කේරළ ගංජා තොගය ඔහුට අයත් බෝට්ටුවකින් තලෙයිමන්නාරම ප්‍රදේශයට ප්‍රවාහනය කොට දීමට එකඟව එම කේරළ ගංජා තොගය සගවා තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
ඔහු සමග කේරළ ගංජා තොගය වැඩිදුර පරීක්ෂණ පිණිස රාමනාදන්පුරම් පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත බාර දී තිබේ.







