දිනසේන රතුගමගේ –
මුලතිව් කේපාපිලව් ප්‍රදේශයේ තුවක්කු කම්හලක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙකු ඔහු විසින් නිපදවන ලද තුවක්කු දෙකක්ද සමග මුල්ලියාවලෙයි පොලීසිය විසින් ඊයේ (4) අත් අඩංගුවට ගෙන තිබේ.
තුවක්කු නිපදවූ පුද්ගලයා සාමාන්‍ය තුවක්කුවක් රුපියල් 50000 කට හා විශේෂ තුවක්කුවක් රුපියල් ලක්ෂයකට අලෙවි කොට ඇති අතර ඒ පිළිබදව මුල්ලියාවලෙයි පොලීසියට ලැබුණු තොරතුරක් මත ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී වඩුමඩුවක් පවත්වා ගෙන යන අතරවාරයේ පවත්වාගෙන ගිය තුවක්කු නිපදවීමේ කම්හල පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
ඔහුගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී නිවස තුළ සඟවා තිබූ තුවක්කු දෙක පොලීසියට සොයා ගැනීමට හැකි වී ඇති අතර එම තුවක්කු දෙක ගැණුම්කරුවන් දෙදෙනෙකු සඳහා නිපදවා තිබූ බවටද පොලීසියට තොරතුරු හෙළි වී ඇත.
වයස අවුරුදු 34 ක් වූ මේ පුද්ගලයා කාලයක් කොටි සංවිධානයට උදව් උපකාර කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් වරදකරු වී දඩුවම් ලද පුද්ගලයෙකි.
සැකකරුව මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.