ශ්‍රියානි විජේසිංහ –
අනූරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරිඟු වගා කරන ගොවීන්ගේ බඩඉරිඟු අස්වැන්න වියලා ගැනීම සඳහා කෝටියකට අධික මුදලකට මිල දී ගෙන තිබු යන්ත්‍ර දෙකක් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අනුරාධපුර උපුල්දෙණිය ගබඩාව තුළ දිරාපත්වෙමින් පවතින බව ගොවිහු කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරට ප්‍රකාශ කර ඇත.
මේ අනුව ඇමතිවරයා අදාල යන්ත්‍රය වහාම සවිකර බඩඉරිඟු ගොවීන්ට ප්‍රයෝජනය ගැනීමට සලස්වන මෙන් SAPP ව්‍යාපෘතිය නියෝග කර ඇත.
මෙම යන්ත්‍ර දෙක කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව වැඩ සටහන ( SAPP- Small Scale Agricultural Participation Project ) විසින් 2019 දී මිල දී ගන්නා ලදි.
බඩඉරිඟු වියළන යන්ත්‍ර දෙක අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහඉළුප්පල්ලම කෘෂිකාර්මික ගොවිපොළේ හා උපුල්දෙනිය ප්‍රදේශයේ සවි කිරීමට තීරණය විය.
දිනකට බඩඉරිඟු මෙට්‍රික් ටොන් 3000ක් එක් යන්ත්‍රයකින් වියළීමට හැකියාව ඇති අතර බඩඉරිඟු පමණක් නොව වී සහ අනෙකුත් කවර බෝගයක් වුවද වියලීමට හැකිවීම මෙම යන්ත්‍රවල සුවිශේෂත්වයයි.