අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෘදයාබාධයකට ලක් වූ රියදුරුගේ පාලනයෙන් මිදුනු බස් රිය නවතාගෙන ජීවිත 70ක් බේරා ගත් නම නොදත් වීරයා….

by editor
ඔක්තෝබර් 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බසය මහනුවර සිට කොළඹ බලා ගමන් කරමින් තිබිණි. සියලුම ආසන පිරී ගොස්ය. තවත් තිහක් පමණ දෙනා ඉඳගෙන සිටිති. බස් රිය පේරාදෙණිය පසුකර ගමන් කරමින් තිබුණේය.

එක්වරම බස් රථය  පාර පුරා ගමන් කරන ආකාරයක් දැනුණි. ඉදිරියේ සිටි මගීහු මරලතෝනි දෙන්නට වූහ. බැලූ විට එක්වරම පෙනී ගියේ රියදුරු අසුනේ පැත්තකට ඇලවී සිහි විසඥ වී සිටින රියදුරුය. බස් රිය රියදුරුගේ පාලනයෙන් ගිලිහී තිබිණි.

මර බියෙන් බස් රථය  එකම ගාලගෝට්ටියක් වනවිට එක්වරම පා පුවරුවේ සිටි තරුණයෙක් අඩි දෙකට තුනට රියදුරු අසුන අසලට පැන්නේය. රියදුරු අසුන මතය. ඔහු දෙකට නැවී අතින් තිරිංග තද කළේය. එක්වරම බස් රිය ගැස්සී නැවතිනි.

රියදුරු වහාම රෝහල වෙත රැගෙන ගියේය. රැගෙන ගොස්සි පැය දෙකකින් ඔහු මිය ගියේය. සිද්ධිය හෙළි වන්නේ  අද (05) පේරාදෙණිය ශික්ෂණ රෝහලේ පැවති එම රියදුරාගේ  මරණ පරීක්ෂණයේ දී ය.

බස් ‍ඊයේ (04) රාත්‍රියේ මෙසේ අවසානාවන්ත ලෙස මිය ගොස් සිටියේ චමින්ද ප්‍රභාත් සරත්චන්ද්‍ර (49) නැමැති කිඳගම්මුල්ල ගම්පහ ප්‍රදේශයේ පදිංචි අයෙකි.  ඔහු මෙම බස් රථයේ හිමිකරුය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි නිලන්ති නීලවල   විසින් පවත්වනු ලැබූ අතර හෘදයාබාධයක් හේතුවෙන් මරණය සිදුව තිබෙන බව ට ඇය තීරණය කර තිබේ.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන  හමුවේ මරණ පරීක්ෂණය පැවැති අතර පේරාදෙණිය රෝහල් පොලීසියේ පොලිස් සැරයන් 32888 ජයලත්  විසින් සාක්කි මෙහෙයවනු ලැබීය.

සිද්ධිය වන අවස්ථාවේ බස් රථයේ ගමන් ගත් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී තුෂාර ප්‍රදීප් වීරකෝන්  මෙසේ කීවේය.

හවස වැඩ ඇරිලා 6.40 ට විතර මම පේරාදෙණියෙන් බස් රථයට නැග්ගා. කිරිබත්කුඹුර කිට්ටුවට යනකොට බස් එකේ සියලු ආසන පිරී ගොස් තවත් 30 නෙකු පමණ හිටගෙන හිටියා. එක පාරටම කෑගසන ශබ්දයක් ආවා. මම ඉදිරියට ගිහින් බලනකොට රියදුරු අසුනේ සිටි පුද්ගලයා පැත්තකට ඇලවෙලා ඉන්නවා දැක්කා. බස් එක ඔහු ගේ පාලනයෙන් මිදී ඉදිරියට යමින් තිබුණා. ඒත් එක්කම පාපුවරුවේ හිටපු කෙනෙක් ඇවිත් රියදුරු අසුන දෙසට බරවී අතින් තිරිංග තද කරලා බස් එක නතර කළා.

බස් එකේ වෛද්‍යවරයෙක් හිටියා. එතුමා මූලික ප්‍රතිකාර ලබා දී ඉක්මනින් ලෙඩා රෝහලට අරන් යන්න කිව්වා. මම ත්‍රිරෝද රථයකින් ඔහුව පේරාදෙණියට අරන් ආවා. පැය කිහිපයකට පසු ඔහු මියගිය බව දැන ගන්නා ලැබුණා. තවත් විනාඩි 15 ක හෝ 20 කාලයකක දී සාමාන්‍යයෙන් මෙම බස් රථය කඩුගන්නාව බෑවුම ආසන්නයට ළඟා වෙනවා. ඒ අවස්ථාවේ රියදුරු මෙලෙස අසනීප වූයේ නම් විශාල ව්‍යසනයක් සිදුවීමට ඉඩ තිබුණා.

සාක්කි ලබා ගැනීමෙන් පසු මරණ පරීක්ෂණය කල් තබමින් වැඩිදුර සාක්කි සඳහා ප්‍රවාහන අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලයේ මහනුවර දිස්ත්‍රික් කළමනාකාරවරයා කැඳවන ලෙස හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන  පොලීසියට නියෝග කර තිබේ.

එහි දී සාක්කි දුන් මියගිය බස් රියදුරු ගේ බිරිඳ වන වේරගොඩ විදානලාගේ සුරේන්ද්‍රා (48)  මෙයට පෙර හෘදයාබාධයකට ලක්ව සිදුකළ පරීක්ෂණයකින් පසු තම සැමියාට එන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී තිබුණු බවත් ඒ පිළිබඳව ඔහු එතරම් උනන්දුවක් නොදැක් වූ බවත් පැවසුවාය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනූ තරුෂි කරුණාරත්නට ජනපතිගෙන් සුබපැතුම්

Next Post

ප්‍රයෝජනයට නොගෙන දිරාපත් වෙමින් තිබූ බඩ ඉරිඟු වියලන යන්ත්‍ර දෙකක් ඇමති අණින් යළි ක්‍රියාත්මක වෙයි…. 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.