සුමිත් පොතුපිටිය –
නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අද අත්අඩංගුවට ගත්බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පමුණුගම උස්වැටකෙයියාව සහ ශාන්ත මරියා ප්‍රදේශයේ පදිංචි 36 සහ 67 හැව්රිදි පුද්ගලයන් දෙදෙනෙක් බව පොලිසිය කීය.
උප පොලිස් පරීක්ෂක ජයරත්න හල්වලආරච්චි ඇතුළු පොලිස් කණ්ඩායම සැකකරුවන් සන්තකයේ තිබූ දුම්වැටි 240 ක් සහ 220 ක් බැගින් භාරයට ගෙන ඇතැයි වැටලීමට එක්වූ නිළධාරීයෙක් කීය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා නඩු භාණ්ඩ සමග පමුණුගම පොලිසියට භාරදී ඇති බව සඳහන් වේ.
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ උපදෙස් පරිදි , උප පොලිස් පරීක්ෂක ජයරත්න හල්වල ආරච්ච් ගේ මෙහෙයවීමෙන් , කොස්තාපල් වරුන්වන අසාන් (39850), පෙරේරා (26823), කුමාර (104678) සහ නෙරංජන් (104679) වැටලීමට එක්වූහ .