ශ්‍රි ලංකා රේගුව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ තැපැල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව අද (05) මධ්‍යම තැපැල් හුවමාරුවේ සිදුකරන ලද මෙහෙයුමක දී ගුවන් තැපෑලෙන් ලැබුණු අට කෝටි පනස් ලක්ෂයක් වටිනා හෂීස් පාර්සල් 15ක් අත් අඩංගුවට ගැනීමට සමත් වූයේය.
රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සහ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවයකරන තැපැල් දෙපාර්තමේන්තු නිලධාරීන් සහ රේගු තක්සේරු අංශයේ නිලධාරීන් විසින් අද දින ගුවන් මගින් ලැබුණු සැක කටයුතු පාර්සල් 16ක් පරීක්ෂා කර ඇති අතර ඉන් 15ක හෂීස් සහ තවත් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබිණි.
රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මාධ්‍යය වෙත පවසා තිබුණේ එම පාර්සල්වල සම්පූර්ණයෙන් මරිජුවානා හෂීස් කිලෝ 1.6ක් සහ ඇම්ෆෙටමින් පෙති ග්‍රෑම් පහක් තිබූ බවය.
මෙම පාර්සල් ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපීය රටවලින් මේ රටට එවා තිබුණු පාර්සල් හිමියන් පසුගිය වසරේ ජුනි මාසයේ සිට එම පාර්සල් රැගෙන යෑමට පැමිණ නැත.
මධ්‍යම තැපැල් හුවමාරුවේ බලධාරීන් සාමාන්‍යයෙන් ගුවන් තැපෑලෙන් ලැබෙන පාර්සල් විවෘත කර පරීක්ෂා කරනු ලබන්නේ පාර්සල් ලැබී මසකට පසු භාණ්ඩ භාර දෙන්නන් නොපැමිණෙන විටය.
තැපැල් තක්සේරු අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්යක්ෂ – රේගු ලාල් සිල්වා ම ඇතුළු කණ්ඩායම පරීක්ෂණ පවත්වයි.
වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම නීතිවිරෝධී භාණ්ඩ තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබේ.