ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිතර ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය් සභාපති මොහාන් පරාක්‍රම වීරසිංහ සහ ස්වාධීන අධ්‍යාපන සේවක සංගමයේ ක්‍රියාකාරීනි ශ්‍රිනි නීලිකා ද සිල්වා අද දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.
එම ගුරුසංගම් නියෝජිතයින්ට සහය පළ කරමින් සියලුම ගුරු හා විදුහල්පති සංගම් ප්‍රධානීන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්ත ඉදිරිපිට රැදී සිටිති.
සැප්තැම්බර් 16 වන දින පොදුජන අධ්‍යාපන සේවක සංගමයේ පිරිසක් වර්ජනයේ නියැලී සිටින ගුරුවරුන් වර්ජනයේ නිරත නොවන ගුරුවරුන්ට තර්ජනය කර බවට සරත් වීරසේකර අමතිවරයාට පැමිණිලි කිරීමේ කිරීමේ ප්‍රතිපලයක් ලෙස මෙම කැඳවීම කර ඇති ගුරුවිදුහල්පති වෘත්තීය සමිති සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
ගුරු විදුහල්පතිවරුන් ආරම්භ කර තිබෙන වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සරත් වීරසේකර ඇමතිවරයා සඳහන් කරන අතරම වර්ජනයට සහභාගි නොවන ගුරුවරුන්ට තර්ජනය කරන ගුරුවරුන් සම්බන්ධයෙන් කටයුතු කීරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති පවසා සිටියි.
මෙම ප්‍රකාශයෙන් පසුව අදාල ගුරුවරියට සහ විදුහල්පතිවරයා අපරාධපරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දුරකථන ඇමතුමක් මගින් දැනුම් දී ඇතැයි අදාළ නිවේදනයේ සදහන් කර තිබේ