ලබන සතියේ සිට වයස අවුරුදු 12 ට වැඩි ළමුන් සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල මගින් ෆයිසර් එන්නත ලබා දීමට තීරණය කර ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.
මුලින්ම මෙමඑන්නත ලබා දෙන්නේ පෙනහළු රෝග හෘදයාබාධ, අක්මාව හා වකුගඩු ආශ්‍රිත නිධන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට සහ තැලසීමියා රෝගයෙන් පීඩිත දරුවන්ට බවත් විශේෂඥවරයා කියයි.
එන්නත්කරණය සිදුවන්නේ ළමා රෝග විශේෂඥවරුන්ගේ අධීක්ෂණය යටතේ බව ඔහු පෙන්වා දෙයි.
කෙසේ වෙතත් වයස අවුරුදු 12ට අඩු ළමුන් සඳහා එන්නත ලබා දීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැති බව වාර්තා වේ.