ජනතාව ඉදිරියේ අසත්‍ය ප්‍රකාශ කරමින් ජන සංයුතිය වෙනස් කිරීමට කටයුතු කළ බලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මණ්ඩලයේ මුජිබර් රහුමාන් අද පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.
පසුගිය දින කිහිපය තුළ ලංකාව තුළ ගෑස් අනතුරු ගණනාවක් සිදු වී තිබේ.
බියුටේන් ප්‍රොපේන් ප්‍රතිශතය සම්බන්ධයෙන් ගෙන තාවට බොරු කරන තත්ත්වයක් ගෑස් සමාගම්වල පවතින බව පෙනී යයි.
ලිට්රෝ සමාගමේ නිලධාරීන් දෙදෙනකු පසුගියදා රූපවාහිනී සම්මුඛ සාකච්චාවකට මුහුණ දෙමින් කියා සිටියේ බියුටේන් ප්‍රොපේන් ප්‍රතිශතය 80:20 යැයි පැවසූ නමුත් පාරිභෝගික සේවා අධිකාරිය පර්යේෂණාගාරවලින් තහවුරු කර ඇත්තේ බියුටේන් ප්‍රොපේන් ප්‍රතිශතය 50:50ක් බවය.
එසේනම් මෙහි පැහැදිළිවම සංයුතිය වෙනස් කර ඇති බවත්, ජනතාවට සත්‍ය වසන් කර ඇති බවත් දැනටමත් අනතුරු ගණනාවක් සිදු වී ඇති බැවින් මෙම නිලධාරීන් වහාම අත්අඩංගුවට ගන්න තමා ඉල්ලා සිටින බව ඔහු කියාසිටී.