රට තුළ විදුලි කප්පාදුවක් සිදුවීමට කිසිදු ඉඩක් නැතැයි බලශක්ති ඇමති උදය ගම්මන්පිල පැවසුවේය. ඔහු ඒ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
එහෙත් විදුලිය කප්පාදු වීමට නියමිත බව කී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක එය සිදුවිය හැකි ආකාරය පිළිබඳව අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
හැමදාම මේ තරම් තද වර්ෂාවක් පවතින්නේ නෑ. දැන් උපරිම ධාරිතාවෙන් ජල විදුලිය නිපදවනු ලැබුවත් සති 06ක් එක දිගට පෑව්වොත් ජලවිදුලිය නිශ්පාදනයක් කරන්න බෑ. අපට තාප විදුලිය කරා යන්න වෙනවා. ඒකට අපි සූදානම් විය යුතුයි.
අපි මේ අර්බුදය ගැන තක්සේරුවක් ඇතිව පුරෝකථනය නොකර කටයුතු නොකලොත් අපි බරපතල අවුලකට යනවා. ඩොලර් හිඟයත් සමග ඉන්ධන ගෙන්වීමේ අර්බුදයකට අපි ගිහින් තියනවා.
දැනටමත් නොරොච්චෝලෙ තාප විදුලි බලාගාරයෙ ගල් අඟුරු සැපයුමේ අර්බුදයක් තියනවා. ගල් අඟුරු සියයට 50ක් ගන්නෙ ක්ෂණික ටෙන්ඩර්වලින්. සියයට 50ක් දීර්ඝ කාලීන ටෙන්ඩර් වලින්. දීර්ඝ කාලීන ටෙන්ඩරය පමණයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඩොලර් හිඟයත් සමග ක්ෂණික ටෙන්ඩරයට සැපයුම් කරුවන් නෑ කියලා අපට වාර්තා වුනා. හදිසි තත්වයක් යටතේ රටේ විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 50ක ධාරිතාක් උපදවනන්න පුලුවන් ගල් අඟුරු බලාගාරයට විතරයි. ඒ බලාගාරයේ සමස්ථ ගල් අඟුරු අවශ්‍යතාවයෙන් සියයට 50ක් නම් ලැබෙන්නෙ බලාගාරය උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කරන්න බැරිවෙනවා.
මේ තත්වය යටතේ අනිවාර්යයෙන් විදුලි කප්පාදුවක් එනවා.
විදුලි කප්පාදුවක් ඇතිවුනොත් ඒ එක්කම පැන නගින ප්‍රශ්නය ජලය. ජලය ලබා දෙන්න බෑ. වෙනදානම් අපට පුලුවන් අපේ පුද්ගලික ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කරන්න. එහෙම කරන්නත් බෑ ඩීසල් භූමිතෙල් ආනයනය කරන්න වෙනවා. අවසානයේය එය ජන ජීවිතයට ආර්ථිකයට බලපානවා.
අපි ගමන් කරමින් සිටින්නේ ලෙබනනයේ අර්බුදය දෙසට. තාවකාලික පැලැස්රවලින් මේ ප්‍රශ්නය විසඳන්න හැකියාවක් නෑ.