සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊයේ රාත්‍රිෙය් සිට මේ වනතුර වාර්තා වුණු  ගෑස් අනතුරු  ගණන 07ක්…

2015 සිට 2021 ඔක්තොම්බර් දක්වා ගෑස් අනතුරු 233ක් වෙලා... පුංචි දේත් වාර්තාව වෙන නිසා බිය වෙලා...රාජ්‍ය ඇමති ලසන්තගෙන් ප්‍රකාශයක්...

by editor
නොවැම්බර් 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අද දිනයේ මේ දක්වා   ගෑස් අනතුරු සිද්ධි සංඛ්‍යාව 7ක් වාර්තා වී ඇති ආකාරය වාර්තාවේ.

අද උදෑසන ලංකාසර වාර්තා කළ කිළිනොච්චිය සහ යාපනය ප්‍රදේශවල ගෑස් අනතුරු දෙකට අමතරව    පාදුක්ක, හංවැල්ල, හැටන්, පොල්ගස් ඕවිට, තුඩැල්ල, ප්‍රදේශවල අනතුරු 05ක් දෙරණ පුවත් සේවය වාර්තා කළේය.

හංවැල්ල දිද්දෙණිය ප්‍රදේශයේ නිවසකට රැගෙනවිත් තිබූ ගෑස් සිලින්ඩරයක් ඊයේ (28) රාත්‍රියේ ගෑස් ලිපට සවිකර වතුර උණු කිරීමේදී පිපිරීමක් සිදුවී තිබුණි.

නිවසේ හිමිකාරිය සඳහන් කළේ ගෑස් ලිප එලෙස පිපිරීමට ලක්වූ බවය. අදාළ සිලින්ඩරය නිවසට රැගනවිත් දින කිහිපයක් ගතවී තිබුණ ද ඊයේ දිනයේ එය ක්‍රියාත්මක කර තිබූ බවද ඇය පැවසුවාය. සිද්ධිය සම්බන්ධයෙන් නිවැසියන් හංවැල්ල පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර පාදුක්ක අරුක්වත්ත ප්‍රදේශයේ ආපනශාලාවක ගෑස් ලිපකට සම්බන්ධ කර තිබූ ගෑස් බටය පුපුරා ගොස් තිබේ. එහි හිමිකරු සඳහන් කළේ ගෑස් ලිප ක්‍රියාත්මක නොවී තිබූ අවස්ථාවක මෙම පිපිරීම සිදුවූ බවය.

අද උදෑසන අද (29) උදෑසන   හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවක ගෑස් කාන්දුවක් හේතුවෙන්   පිපිරිමක් සිදුවී ඇතැයි වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. අනතුරෙන් ආපනශාලාවට හානි සිදුවී තිබේ.

පොල්ගස්ඕවිට සියඹලාගොඩ රණවිරු ප්‍රේමසිරි මාවතේ පිහිටි නිවසක හිමිකරු ඊයේ මිලදීගත් ගෑස් සිලින්ඩරයෙන් ගෑස් කාන්දුවීමේ සිද්ධියක්     නිවසේ හිමිකරු ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණි.

මේ අතර ජා ඇළ, තුඩැල්ල ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රීයේදී ගෑස් කාන්දුවක් නිසා පිපිරීමක් සිදු වී තිබිණි.

යාපනයේදී සහ කිළිනොච්චියේදී ඊයේ ( 28 ) සවස ගෑස් උදුන් දෙකක් පිපිරී ගොස් ඇතත් ඉන් කිසිවෙකුටත් හානි සිදු වී නොමැති ආකාරය ලංකාසර අද උදේ වාර්තා කළේය.

යාපනයේ කන්දරෝඩෙයි ගණදෙවි කෝවිල් පාරේ නිවසක ගෑස් උදුන පිපිරී යන අවස්ථාවේදී ගෘගණිය ලිප දල්වා වෙනත් කටයුත්තක නියැලී සිටියදී එය පුපුරා ගොස් තිබේ.

ගැස් සිලින්ඩර පුපුරා යාමේ සිද්ධීන් නිසා මෙම නිවෙස් හිමියා බිත්තිය සිදුරු කොට  ගෑස් ටැංකිය බිත්තියෙන් ඈත වෙනත් ස්ථානයක තැබීම නිසා අනතුරේ ප්‍රමාණය අඩු වී තිබේ.

මේ අතර කිළිනොච්චියේ තිරුවායිආරු ප්‍රදේශයේ නිවසකද ගෑස් උදුනක් පිපිරී ගොස් ඇත්තේ වර්ෂාව පැවති අවස්ථාවේදීය.

එම ගෘහණියද මුලුතැන්ගේ නොසිටීම නිසා කීස්වෙකුටත් හානි සිදුව නොමැත.

යාපනයේ චුන්නාකම් පොලීසිය හා කිලිනොච්චිය පොලීසිය මේ සිද්ධීන් දෙක සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙනයයි.

කෙසේ වෙතත් අද පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තුවේ දී කීවේ ගෑස් අනතුරු රට තුළ සිදුවන බවත් දැන් වාර්තා වීම වැඩි වී ඇති බවත්ය.

වර්ෂ 2015 ජනවාරි 01 සිට වර්ෂ 2021 ඔක්තොම්බර් 31 දක්වා ගෑස් අනතුරු 233ක් වාර්තා වී ඇති බව ඔහු පාර්ලිමේන්තුවේ දී කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැස්ස නැති සති 06කින් රට කළුවරේ… රටේ තත්වය පාර්ලිමේන්තුවෙන් ඇසෙයි.

Next Post

ඉන්දියාව- ශ්‍රී ලංකාව- මාලදිවයින අතර විශේෂ නාවික අභ්‍යාසයක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.