අද දිනයේ මේ දක්වා ගෑස් අනතුරු සිද්ධි සංඛ්‍යාව 7ක් වාර්තා වී ඇති ආකාරය වාර්තාවේ.
අද උදෑසන ලංකාසර වාර්තා කළ කිළිනොච්චිය සහ යාපනය ප්‍රදේශවල ගෑස් අනතුරු දෙකට අමතරව පාදුක්ක, හංවැල්ල, හැටන්, පොල්ගස් ඕවිට, තුඩැල්ල, ප්‍රදේශවල අනතුරු 05ක් දෙරණ පුවත් සේවය වාර්තා කළේය.
හංවැල්ල දිද්දෙණිය ප්‍රදේශයේ නිවසකට රැගෙනවිත් තිබූ ගෑස් සිලින්ඩරයක් ඊයේ (28) රාත්‍රියේ ගෑස් ලිපට සවිකර වතුර උණු කිරීමේදී පිපිරීමක් සිදුවී තිබුණි.
නිවසේ හිමිකාරිය සඳහන් කළේ ගෑස් ලිප එලෙස පිපිරීමට ලක්වූ බවය. අදාළ සිලින්ඩරය නිවසට රැගනවිත් දින කිහිපයක් ගතවී තිබුණ ද ඊයේ දිනයේ එය ක්‍රියාත්මක කර තිබූ බවද ඇය පැවසුවාය. සිද්ධිය සම්බන්ධයෙන් නිවැසියන් හංවැල්ල පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබේ.
මේ අතර පාදුක්ක අරුක්වත්ත ප්‍රදේශයේ ආපනශාලාවක ගෑස් ලිපකට සම්බන්ධ කර තිබූ ගෑස් බටය පුපුරා ගොස් තිබේ. එහි හිමිකරු සඳහන් කළේ ගෑස් ලිප ක්‍රියාත්මක නොවී තිබූ අවස්ථාවක මෙම පිපිරීම සිදුවූ බවය.
අද උදෑසන අද (29) උදෑසන හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවක ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරිමක් සිදුවී ඇතැයි වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. අනතුරෙන් ආපනශාලාවට හානි සිදුවී තිබේ.
පොල්ගස්ඕවිට සියඹලාගොඩ රණවිරු ප්‍රේමසිරි මාවතේ පිහිටි නිවසක හිමිකරු ඊයේ මිලදීගත් ගෑස් සිලින්ඩරයෙන් ගෑස් කාන්දුවීමේ සිද්ධියක් නිවසේ හිමිකරු ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණි.
මේ අතර ජා ඇළ, තුඩැල්ල ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රීයේදී ගෑස් කාන්දුවක් නිසා පිපිරීමක් සිදු වී තිබිණි.
යාපනයේදී සහ කිළිනොච්චියේදී ඊයේ ( 28 ) සවස ගෑස් උදුන් දෙකක් පිපිරී ගොස් ඇතත් ඉන් කිසිවෙකුටත් හානි සිදු වී නොමැති ආකාරය ලංකාසර අද උදේ වාර්තා කළේය.
යාපනයේ කන්දරෝඩෙයි ගණදෙවි කෝවිල් පාරේ නිවසක ගෑස් උදුන පිපිරී යන අවස්ථාවේදී ගෘගණිය ලිප දල්වා වෙනත් කටයුත්තක නියැලී සිටියදී එය පුපුරා ගොස් තිබේ.
ගැස් සිලින්ඩර පුපුරා යාමේ සිද්ධීන් නිසා මෙම නිවෙස් හිමියා බිත්තිය සිදුරු කොට ගෑස් ටැංකිය බිත්තියෙන් ඈත වෙනත් ස්ථානයක තැබීම නිසා අනතුරේ ප්‍රමාණය අඩු වී තිබේ.
මේ අතර කිළිනොච්චියේ තිරුවායිආරු ප්‍රදේශයේ නිවසකද ගෑස් උදුනක් පිපිරී ගොස් ඇත්තේ වර්ෂාව පැවති අවස්ථාවේදීය.
එම ගෘහණියද මුලුතැන්ගේ නොසිටීම නිසා කීස්වෙකුටත් හානි සිදුව නොමැත.
යාපනයේ චුන්නාකම් පොලීසිය හා කිලිනොච්චිය පොලීසිය මේ සිද්ධීන් දෙක සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙනයයි.
කෙසේ වෙතත් අද පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තුවේ දී කීවේ ගෑස් අනතුරු රට තුළ සිදුවන බවත් දැන් වාර්තා වීම වැඩි වී ඇති බවත්ය.
වර්ෂ 2015 ජනවාරි 01 සිට වර්ෂ 2021 ඔක්තොම්බර් 31 දක්වා ගෑස් අනතුරු 233ක් වාර්තා වී ඇති බව ඔහු පාර්ලිමේන්තුවේ දී කීවේය.