අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ගෑස් පිපිරීම්වලින් හානිවන වින්දිතයින්ට නීතිඥ සහය නොමිලේ දෙනවා” – විපක්ෂ නායක සජිත්

by Lanka Sara Editor
දෙසැම්බර් 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රටපුරා සිදුවන ගෑස් පිපිරීම් හේතුවෙන් වින්දිතයින් බවට පත්වන සියලු දෙනා වෙනුවෙන් සමගි ජන බලවේගය නොමිලේ නීති සහය ලබාදෙන බවත් ඒ උදෙසා විපක්ෂ නායක කාර්යාලය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ප්‍රමිතියක් නැති ආණ්ඩුවක් තියෙන රටකින් ප්‍රමිතිගත දෙයක් බලාපොරොත්තු වෙන්නට බැරි බවත් කළයුත්තේ ප්‍රමිතිය නැති පාලනය ඉවත් කිරීම බවත් විපක්ෂ නායකවරයා කියාසිටී.

බාල ප්‍රමිතියෙන් යුතු පොහොර ගෙන්වීමෙන් අද වන විට රට මහා විනාශයකට තල්ලු වී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා රටේ ආර්ථිකයත් ගොවි ජනතාවගේ ජීවිතත් ආණ්ඩුව විසින් අනතුරකට හෙලා ඇතැයිද පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අද(14)විපක්ෂ නායක කාර්යාලයේදී ය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඒ මහතා මෙසේද කීය.
“දිනෙන් දින දුර්වල ආණ්ඩුවේ බාල ප්‍රතිපත්ති නිසා රටේ ජනතාව විපතට පත් වෙනවා. ගෑස් පිපිරීම්වලට කිසිදු උත්තරයක් රජයේ ලබාදෙන්නේ නැහැ. ගෑස් පිපිරීම් තුළ අද ජීවිත අහිමි වෙලා තියෙනවා. දරුවෝ හතර දෙනෙකුට අම්මා කෙනෙක් නැති වෙලා. ස්වාමි පුරුෂයකුට භාර්යාවක් නැතිවෙලා.

මෙහි ඉදිරියේ පාරිභෝගික කටයුතු භාර ඇමතිවරු ජනතාව මග හරිමින් සිටිනවා. අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බැහැ. මේ ගෑස් පිපිරීම් වලට ආණ්ඩුවට දෙන්න පුළුවන් එකම විසඳුම කොමිටි පත්කිරීමද? ප්‍රශ්නවලින් පලා යෑමද? කවුද මේ ජීවිතවලට වගකියන්නේ? අද වන විට මේ ආණ්ඩුවට බැරි බැරිවෙලා තිබෙනවා ගෑස් පිපිරීම් ප්‍රශ්නයට විධිමත් විසඳුමක් ලබා දෙන්න. විධිමත් උත්තරයක් ලබා දෙන්න. හැබැයි ආණ්ඩුවට හැකියාව ලැබිලා තියෙනවා බාල පොහොර ලබාදුන්න කම්පැනියකට රුපියල් ලක්ෂ දහතුන් දහස් පන්සිය විස්සක් රටේ සල්ලි වලින්, ජනතාවගේ සල්ලි වලින්, ගෙවන්න.

රජය ප්‍රතිපත්තිමය තීන්දුවකට ඇවිල්ල තියෙනව බාල පොහොර එවපු කොම්පැනියකට මේ රටේ බදු ගෙවන්නන්ගේ සල්ලි වලින් මේ සා විශාල මුදලක් කැප කරන්න. එතකොට මං අහන්න කැමතියි. අර ජීවිතය අහිමි වුණු පවුලට කොපමණ මුදලක් කැප කරන්නට ආණ්ඩුව ලැහැස්තිද? මේ වන විට ගෑස් පිපිරීම් හයසියයකට අධික ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. මොනවද මේ ඇත්තන්ට ලබා දෙන වන්දි ? ගෑස් මගඩිය ඉදිරියේ, ගෑස් ඛේදවාචකය ඉදිරියේ අපේ රටේ අහිංසක රට රටේ ජනතාවගේ ජීවිත අහිමි වෙනකොට ආණ්ඩුව කරන්නේ අහක බලා ගන්න එක.

සමගි ජන බලවේගය අපි මේ ගෑස් පිපිරීම් සිදු වූ සෑම පාරිභෝගිකයෙක් වෙනුවෙන් නොමිලේ නීති සහයෝගය ලබා දීලා මේ ආයතන අධිකරණයට ගෙන ගොස් තමුන්නාන්සේලාට සිදු වූ සිදුවූ පාඩුවට වන්දි ලබා ගැනීම සඳහා නොමිලේ නීති සහාය ලබාදීමට සමගි ජන ජනබලවේගයේ අපි සූදානම් බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. එම නිසා කාරුණිකව අපගේ පක්ෂ මූලස්ථානයට මේ මහා ඛේදවාචකයට මුහුණ දෙන්නට සිදු වූ, ඒ ගෑස් පිපිරීම් සිදු වූ සියලුම දෙදෙනාගේ තොරතුරු දත්ත අප පක්ෂ මූලස්ථානය වෙත ලබා දෙන්නට කටයුතු කරන්න.
අප අනිවාර්යයෙන්ම ඔබ වෙනුවෙන් නොමිලේ නීති සහය ලබා දීලා, ඔබට සිදු වූ හානිය වෙනුවෙන් වන්දියක් ලබා දීමේ නීති නීති මේ සටනට අපේ ශක්තිය එකතු කරන්නට අප සූදානම්. අද වන විට ගොවියා අනාථ වෙලා. හරියාකාරව පොහොර ටික ලැබෙන්නේ නැහැ.

යූරියා මෙට්ට්‍රික් ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 394 සිට දාහතක් ම වැඩි වෙලා. ඒ කියන්නේ කිලෝ 50 ක පොහොර මිටියක් පොහොර බෑග් එකක් අඩුම තරමේ රුපියල් 12,000 කට වැඩියි. ආණ්ඩුව ඉවත් වෙලා තිබෙනවා මේ පොහොර ලබා ලබාදීමේ ක්‍රියාවලියෙන්.

රසායනික පොහොර ගෙන්නන්නනන් පෞද්ගලික ආයතන හරහා ගෙන්නන්නලු. මොකක්ද මේ ආණ්ඩුව කරන්නේ? මොකක්ද මේ රජය කරන්නේ? හිතාමතාම ගොවීන්ට කියනවා. රසායනික පොහොර භාවිතා කරනවනම්, සූදානම් වන්න කිලෝ පනහේ මිටියට රුපියල් දොළොස්දාහක්, දහතුන් දහසක් පමණ ගෙවන්න.

මේක කරන්න හිතාමතාම ගොවියා විනාස කරන වැඩසටහනකට ප්‍රවේශවීමට. කාලය එළඹිලා තිබෙනවා මේ ආණ්ඩුවට සිහි සිහි බුද්ධියෙන් කටයුතු කරන්න. මානුෂීයත්වය ට මුල්තැනදී මුල් තැන දී වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න. මනුස්සකමට මුල් තැන ලබා දීලා කටයුතු කරන්න.

කරුණාකරලා ආණ්ඩුවේ මැදිහත් වීමෙන් සුපුරුදු පරිදි සහනාධාර පොහොර ලබා දෙන්න. ගොවියෙකු ට පොහොර මිටියක් වෙනුවෙන් රුපියල් 12,000 ක් දහතුන් දාහක් කැප කරන්නට බැහැ. ඒ ආර්ථික ශක්තිය අපේ රටේ ගොවියට නැහැ. මේ හදන්නේ ගොවියා බංකොලොත් කරන්න. මේ හදන්නේ ගොවියා දිලිඳුභාවයේ යටටම දමන්න. මේ හදන්නේ ගොවියා මරණ මංචකයට අරන් යන්න.

මෙවන් අමානුෂීය තීන්දු ගන්න එපැයි කියලා මම රජයෙන් ඉල්ලීමක් කරනවා. නැනෝ පොහොර ලබාදීම තුළින් ගොවියට ඉමහත් හානියක් සිද්ධ වෙලා. ප්‍රමිතියෙන් බාල පොහොර. ගෑස් පිපිරෙනවා වගේම පොහොරත් පිපිරෙන්න පටන් අරන්. අස්වැන්න අඩු වෙලා. වගාව බාල වෙලා.

අර බාල පොහොර කොම්පැනියට ලක්ෂ 13,520 රටේ ජනතාවගේ බදු ගෙවන්නන්ගේ සල්ලිවලින් කැපකරලා වගා පාළුවට ලකුණු ගොවියට ලබාදෙන වන්දිය කීයද? ඒ සඳහා සඳහා වෙන් කරපු මුදල කීයද? අපි අහන්න කැමතියි. කවුද ප්‍රමිතියෙන් බාල ගෑස් සිලින්ඩර වෙළඳපලට නිකුත් කරන්නට නියෝගය නියෝග ලබා දුන්නේ? කවුද බියුටේන් , ප්‍රෝපේන් සංයුතියෙන් නිසියාකාරව පවත්වාගෙන යන්නේ නැතිව වැරදි මිශ්‍රණයක් සහිත ගෑස් වෙළඳපලට නිකුත් කරේ?

කවුද ඉතැලින් නිකැප්ටින් ප්‍රමාණය ප්‍රමාණවත්ව නොතිබුණු සිලින්ඩර වලට වෙනත් ආයතනවලින් මුදලට ඉතැලින් නිකැප්ටින් අරගෙන මිශ්‍රණය කරලා, කාටවත් නොදන්වා වෙළඳපලට නිකුත් කරන්නට කවුද ඒ තීන්දුව ගත්තේ?
කවුද මේ පිපිරීම් තුළින් සිදුවෙන හානියට වග කියන්නේ? කාගේ අනුදැනුම ඇතිව ද මේ බාල සිලින්ඩර පාරිභෝගිකයාට ලබා දුන්නේ? මේක පිළිබඳ පරීක්ෂණයක් කරන්න ඕනි. පරීක්ෂණයක් ආරම්භ කරල තිබෙනවාද? වැරදිකරුවන්ට දෙන දඬුවම කුමක්ද?

ගෑස් පිපිරීමට ලබාදෙන වන්දිය මොකක්ද? බොහොම උනන්දුවෙන් අර බාල පොහොර ගෙනාපු කොම්පැනියට ලක්ෂ ගණනාවක් මේ රටේ ජනතාවගේ සල්ලි කැප කරනවා. හැබැයි ගෑස් පිපිරීම් වලට කොච්චර මුදලක් වෙන් කරල ද? කොච්චර සහනයක් ලබා දෙනවාද? අර අම්මා කෙනෙක් අහිමිවුණු පවුලට මොකක්ද දෙන වන්දිය? ඒ ජීවිත හානිය මුදලින් පිරිමහ ගන්න බෑ. නමුත් දරු හතරක් අනාථයි. ඒ දරුවෝ හතර දෙනාට අම්මා නැති වුණා.
මේ දුක ආණ්ඩුවට තේරෙන්නේ නැද්ද?

අද මේ ගෑස් ක්‍රියාවලිය , මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන මේ වැඩපිළිවෙළ ඇත්ත වශයෙන්ම සාපරාධී ක්‍රියාවක් බවට පත්වෙලා තියෙනවා. ඇමැතිවරයා කියනවා අලුතෙන් ප්ලාස්ටික් ලේබල් ගහලා ලු මේ සිලින්ඩර නිකුත් කරන්නේ.
නමුත් මොකක්ද සිද්ද වෙන්නේ?

ලේබල් කරපු ගෑස් සිලින්ඩරුත් පිපිරෙනවා, වගකියන්න කවුරුත් නෑ. කොමිටි පත්කරලා කොමිටි වල නිර්දේශත් නෑ. කොමිටි වල නිර්දේශ එනකං මේ රටේ ජනතාව බලාගෙන ඉන්න ඕනේ ගෑස් පරිභෝජනයෙන් ඉවත් වෙන්න.

මං අහන්න කැමතියි මේකද පරිණත ආණ්ඩුව? මේක ද රටට ලබා දෙනවයි කිව්ව වියත් පාලනය? ඉතාමත්ම පැහැදිලියි අද ආණ්ඩුවත් ප්‍රමිතියෙන් තොරයි. ආණ්ඩුව මෙහෙය වන සියලුම දෙනාත් ප්‍රමිතියෙන් තොරයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩුවේ සියලුම දෙනාත් ප්‍රමිතියෙන් තොරයි.

පොහොරත් ප්‍රමිතියෙන් තොරයි. ගෑසුත් ප්‍රමිතියෙන් තොරයි. ලබාදෙන ජනතා සේවාවන් ප්‍රමිතියෙන් තොරයි. කාලය එළැඹිලා තිබෙන්නේ ප්‍රමිතියෙන් තොර ආණ්ඩුව ගෙදර යවන්න. තවදුරටත් ජන සමාජය විනාශ වෙනකම් බලන් ඉන්නට බැහැ . රට බංකොලොත් වෙනකම් බලාගෙන ඉන්නට බැහැ. අපේ ඇස් ඉදිරියේ රට කඩා වැටෙනවා. ආර්ථිකය කඩා වැටෙනවා. කිසිම ප්‍රශ්නයකට විසඳුමක් නැහැ. වගකීමෙන් කියනවා. සමගි ජන බලවේගයේ පැහැදිලි, ප්‍රායෝගික විසඳුම් තිබෙනවා. අපි සූදානම් මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න”. යැයිද විපක්ෂ නායකවරයා කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බලරහිත GMOA අමාත්‍යංශය එක්ක වැඩ කරන්නේ කොහොමද? GMOF අසයි!

Next Post

මන්ත්‍රී මධුර විතානගේ ගමට යයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.