නින්යානුකූල නොවන වෘත්තිය සමිති නිලධාරීන් මණ්ඩලයක් නීතියට පටහැනි ආකාරයෙන් කටයුතු කිරීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යවා තිබේ.
එහි දැක්වෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හා එහි ක්‍රියාකාරී කමිටුවට වාරණ නියෝගයක් ක්‍රියාත්මක වන අවධියක ඔවුන් තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යාංශයට නියෝග නිකුත් කිරීම, මාධ්‍ය මගින් විවේචන කිරීම, වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සහ සීමාවාසික පත්කිරීම් ආදියට බලපෑම් කරමින් සිටින බවය.
මේ පිළිබඳ රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංසදයේ සභාපතිවරයා සෞඛ්‍ය ලේකම් වෙත යවන ලද ලිපියේ පහත කරුණු ද සඳහන් කර ඇත.
“රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය යනු වර්ථමානයේ වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තිය ගැටළු පිළිබඳ ඉදිරිපත් වන ප්‍රධාන වෘන්තිය සමිති2 කි.
වෙනසකට ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය තම ව්‍යවස්ථාවෙන්ම වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ලෙස රෝගීන්ට එරෙහිව කටයුතු කිරීම ස්වයං වාරණයකට ලක් කොට ඇති බවය.
වර්තමානයේ රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට හා එහි ක්‍රියාකාරී කමිටුවට වාරණ නියෝගයක් ක්‍රියාත්මක වන බව අප දැනුවත් වී ඇත. එහි පිටපත් අප වෙත ලැබි ඇත.
තත්වය එසේ තිබියදි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අමාත්‍යාශයට නියෝග නිකුත් කිරීමක් හා මාධ්‍ය කටයුතු මගින් විවේචනය කිරීමක් දක්නට ලැබේ.
එපමණක් නොව වෛද්‍ය නිලධාරින්ගේ ස්ථාන මාරුවීම් සඳහා සෘජු බලපෑමක් එල්ල කිරීමක් සිදු කරයි. තවද පශ්චාත් සීමාවාසික පත්විම් කෙරෙහි විවේචනාත්මක බලපෑම් මාධ්‍ය මගින් සිදු කරයි. සෞඛ්‍ය අමාත්‍යාශයේ පළවෙනි මහලේ අංක 07 කාමරය වෘත්තිය සමිති කාමරයක් ලෙස කටයුතු කරයි.
එම කාමරය තුළ සංගමයේ ලිපිකරු ද යොදා රාජකාරී ඉටු කරයි. තව ද වෛද්‍යවරුන්ගේ consent එක නොමැතිව අක්රමික ලෙස වැටුපෙන් මුදල් විවිධ සංගමයේ අරමුදල සඳහා ගණකාධිවරුන් විසින් කපා හරියි.
එම නිසා මේ පිළිබඳ කොපමණ දැනුවත් කළ ද සෞඛ්‍ය අමාන්යංශයේ නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීමේ තත්වයක් මේ දක්වා නිරීක්ෂණය විය.
මෙය සෞඛ්‍ය ක්ෂේත්රයේ සිටින්නා වු වෛද්‍ය නිලධාරීන්ට වන අසාධාරණයක් බැවින් හා එක නීතියක් එක රටක් සංකල්පය පෑහැරහැරීමක් ද වන බැවින් ඔබතුමාට එරෙහිව නිති මාර්ගයෙන් අප සංසදය කටයුතු කිරීමට පෙර නිති උපදෙස් මත මෙම ලිපිය අප මුලික විරෝධතාවයක් ප්‍රකාශ කරමින් ඉදිරිපත් කරන්නෙමු.” යැයි ද එම ලිපියේ සඳහන් කර තිබුණි.