අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

අර්බුද එනවිට පාර්ලිමේන්තුව වැසූ ලංකා දේශපාලනයේ ඉතිහාසය!

by editor
දෙසැම්බර් 14, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

රජිත් කීර්ති තෙන්නකෝන් –
දකුණු පලාත් හිටපු ආණ්ඩුකාර

ඉතිහාසය පුරාම පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම අධ්‍ය්‍යනය කළ යුත්තේ, ඒ වන විට පැවති දේශපාලන, අර්ථික ගැටළු සමඟය.  මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තුව වාර අවසන් කළ සෑම අවස්ථාවක දී ම රටේ දේශපාලන අර්බුදයක්, ආර්ථික අර්බුදයක් හෝ පාලක පක්ෂයට නැතිනම් පුද්ගලිකව ජනාධිපතිවරයාට විසඳාගැනීමට අර්බුදයක් තිබුණේය.  ඕනෑම දැවෙන ප්‍රශ්නයකට විසඳුම් සොය ගැනීමට කාලය මාස 2 ක කාලයක් ලබා ගැනීමේ මාර්ගය ‘පාර්ලිමේන්තුව වාර අවසන් කිරීම‘ ලෙස පාලකයින් දැක ඇත. උපක්‍රමයක් ලෙස භාවිත කොට ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2021 දෙසැම්බර් 12 දින පාර්ලිමේන්තුව වාර අවසන් කිරීම ද ආර්ථික හා දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒමට කාලය ලබා ගැනීමකි.  ප්‍රශ්නය ඇත්තේ, මෙවර අර්බුදයේ දිග පළල ගැන විපක්ෂයට තබා සිවිල් ක්‍රියාකාරීන් කිසිවෙකුත් නොදැන සිටීමය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදුන්වා දීමෙන් පසුව පාර්ලිමේන්තුවේ සභා වාර 25 ක් පවත්වා ඇත.  ප්‍රේමදාස ජනාධිපතිවරයා තමන්ට දෝෂාභියෝගයක් අත්සන් කරන බව දැනගත් මොහොතේම පාර්ලිමේන්තුව වාර අවසන් කර වසා දැම්මේය.  චන්ද්‍රිකා කුමාරතුංගම මහත්මිය ඉතිහාසය වැඩිම කාලයකට (දින 60) කට පාර්ලිමේන්තුව සභා අවසන් කළේය. රටේ ආර්ථිකය බිඳවැටී සෘණ තත්වයට පත් වූ විට, ජවිපෙ සමඟ පරිිවාස ආණ්ඩු හදන්නට එමගින් කාලය ගත්තේය. 2010 – 2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවකට දේශපාලන අර්බුද තිබුණේ නැත. ඒ නිසාම පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමට අවශ්‍ය වූවේ නැත.  අගමැති රනිල් වික්‍රමසිංහ ට විරුද්ධ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් වූ විට (2018 මාර්තු) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වාර අවසන් කළේය.  දින 52 ආණ්ඩුව සමයේ අවස්ථා දෙකක දී වාර අවසන් කිරීමට සිදු වූයේ පාර්ලිමේන්තුවේ  බල තුලන ගැටළුව නිසාය.

ඒ අනුව, ඉතා දේශපාලන අර්බුයක් විසඳා ගැනීමට කාලය ගැනීමට වාර අවසන් කිරීම සුලබ ව්‍යවහාරකි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පාර්ලිමේන්තුව වාර අවසන් කර චීන අශුචි පොහොර නැවට මුදල් ගෙවන්නට යයි.  නැනෝ පෙහොර මගඩිය ගැන කථා නැත.  නිව්පෝට්ට්‍රස් ගණුදෙනුව ගැන කතාවක් නැත.  ආර්ථික අර්බුදය ගැන කරුණු හෙළිවීම වසා ගත හැකිය.  ගෑස් පිපිරීම් වාර්තා වසන් කළ හැකිය. වල් නාශක, කෘමිනාශක, දිලීර නාශක නැතිව වගා විනාශය යටපත් කළ හැකිය.  ආහාර, ඖෂධ හිඟය වසා ගත හැකිය.  ඉන්ධන සඳහා මුදල් නැතිනම් එය ද තවත් අර්බුද රැසක් ද පාපිස්සට යට කළ හැකිය.

නව ජනාධිපතිවරයෙකු පත් වූ විට ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සිදු කිරිමට, පාර්ලිමේන්තුව වාර අවසන් කළ අවස්ථා තිබේ.  ප්‍රභාකරන් ඝාතනය කර යුද්ධය ජයග්‍රාහී ලෙස අවසන් කිරීමෙන් පසුව මහින්ද රාපජක්ෂ මහතා පාර්ලිමේන්තුව වාර අවසන් කර දින දෙකකින් පාර්ලිමේන්තුව අමතා ජයග්‍රහණය සැමරීය.  සෑම ජනාධිපතිවරයාම ඒ ව්‍යවහාරය පවත්වාගෙන ඇත.

වාර අවසන් කළ පසුව,  පාර්ලිමේන්තු කටයුතු, ස්ථාවර නියෝග, ගෘහ්‍ය කාරක සභාව, ආචාර ධර්ම සහ වරප්‍රසාද, වස්ථාදායක, අමත්‍යාංශයීය උපදේශක කාරක සභා, රජයේ ගිණුම්, පොදු ව්‍යාපාර, රාජ්‍ය මුදල්, මහජන පෙත්සම්, පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව යන සියල්ල නැවත සාමාජිකයින් පත් කළ අලුතෙන් ආරම්භ කළ යුතුවේ.

සරළ අර්ථයෙන් ගත් කළ, පාර්ලිමේන්තුවේ අති බහුතරයක් කටයුතු නැවත මුල සිට ආරම්භ කළ යුතු වේ.  ඒ සඳහා ගත වන කාලය, ධනය, ශ්‍රමය අති මහත්ය.

උසස් නිලතල පිළිබඳ කාරක සභා (පත්වීම්) සහ අධීක්ෂණ කාරක සභා සහ පාර්ලාමේන්තුවේ විශේෂ කාරක සභා හැර අන් සියල්ල අකර්මන්‍ය වූ විට මුදල් පාලනය පිළිබඳ සියළු පාලන මර්මස්ථාන බිඳ වැටෙන්නේය.

කෝප් කමිටුව, පොදු ව්‍යාපාර කාරක සභාව, රාජ්‍ය මුදල් කාරක සභාව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සභාපති ධූරය දරන නමුත් පසුගිය සමයේ දී විවාද සම්පන්න කටයුතු ගණනාවකට මැදිත්විය.  ඔවුන්ගේ කටයුතු අවසන් වී නව සභාපතිවරුන් යටතේ නැවත මුල සිට ඇරඹීමට සිදුවේ. චරිත හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා සහ මේ කමිටුවල සභාපතිවරුන් නැවත එම තනතුරුවලට පත් නොවූවහොත් ඒ ගැන පුදුම විය යුතු නැත.

පැරණි ආන්ඩුක්‍ර ව්‍යවස්ථාව යටතේ ද, 1947 සිට 1977 දක්වා අවස්ථා 45 කට ආසන්න ගණනක දී වාර අවසන් කිරීම සිදුව ඇත.  ඒවායේ පෙළ ගැස්ම ද, දේශපාලන අර්බුද, ආර්ථික අර්බුද, මර්ධන නීති, ගැටුම් හා බැදී තිබුණි.

පළමුවන පාර්ලිමේන්තුවේ, 1978 සිට 1988  දක්වා සැසිවාර 07ක් පැවැත්වූවේ, ජූලි වර්ජනය, 83 වාර්ගික ගැටුම්, දේශපාලන පක්ෂ තහනම් කිරීම, ඇත්ත – ජනදින සීල් තැබීම වැනි කරුණු ඇසුරේය. නැතිනම්, ජනමත විචාරණය, ජනාධිපතිවරණය ආදී අවස්ථාවෙන් ගෙන් පසුව ජේ.ආර්. මහතාට පාර්ලිමේන්තුව ඇමතීමට ය.

දෙවන පාර්ලිමේන්තුවේ 1989 සිට 1994 දක්වා ද, ජනපති ප්‍රේමදාස මහතාට පාර්ලිමේන්තුව ඇමතීම, දෝෂාභියෝග කලමනාකරණය,  ජනාධිපති ඝාතනයෙන් පසුව ආදී වශයෙන් සැසිවාර 05ක් පැවැත්විණි.

තුන්වන පාර්ලිමේන්තුවේ 1994 සිට 2000 චන්ද්‍රිකා කුමාරතුංග ගේ සැසිවාර තුනම ගැටුම් හා බැදී පවතී.

හතරවන පාර්ලිමේන්තුවේ 2000 සිට 2001 දක්වා සැසිවාර 03ක් ආර්ථික අර්බුදය, පරිවාස ආණ්ඩුව අය වැය සම්මත කර ගත නොහැකිවීම හා බැදුණි.

පස්වන පාර්ලිමේන්තුවේ 2001 සිට 2004 ජනපති චන්ද්‍රිකා – අගමැති රනිල් ආණ්ඩුව චන්ද්‍රිකා ගේ බලහත්කාරයේ වාර අවසන් කිරීම් විය.

හයවන පාර්ලිමේන්තුවේ 2004 සිට 2010 දක්වා සැසිවාර 04ක් බැදී තිබුණේ යුද්ධයට ජාත්‍යන්තර අත පෙවීම්, අය වැය සම්මත කර ගැනීමේ අර්බුදය (කරූ ජයසූරිය ආණ්ඩුවට එකතුවීම) හා යුධ ජයග්‍රහණය ඇසුරේ ය.

හත්වන පාර්ලිමේන්තුවේ 2010 සිට 2015 තනි බල පරාක්‍රමය ජනාධිපති මහින්ද මහතා අත පැවතුණි.  තනි වාරයකින් පාලනය අවසන් විය.

අටවැනි පාර්ලිමේන්තුවේ 2015 සිට 2020 දක්වා සැසිවාර 04ක් පැවැත්විමට සිදු වූවේ අගමැති රනිල් විශ්වාස භංගය, දින 52 ආණ්ඩුව, ජනාධිපතිවරණ ජයග්‍රහණය නිසාය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 2020/08/20 සිට පසුගිය දෙසැම්බර් 12 දක්වා තනි සැසිවාරයකින් ගිය පාර්ලිමේන්තුව වාර අවසන් කර පැය කිහිපයකින් සිංගප්පූරුව බලා ගොස් ඇත.

වත්මන් මුල්‍ය අර්බුදය අති විශාලය.  මහ බැංකුවේ අත්‍යවශ්‍ය ආහාර හා ඉන්ධන සඳහා පමණක් ඩොලර් මිලියන 800 කට ආසන්න ණය වර ලිපි සඳහා ඩොලර් ඉල්ලා ඇත. සංචිත ඇත්තේ ඩොලර් 100 ක් පමණී.  2022 ජනවාරි 16 ට ඩොලර් මිලියන 500 ක ණය ගෙවිය යුතුය. පොහොර බෙහෙත් නැතිව රටට කන්න නැත.  චීන අශුචි නැවට දැන් වන්දි ගෙවිය යුතුය.

ඩොලර් අර්බුදයට ඇති එකම විසඳුම විකිණිය හැකි ඕනෑම ඉඩමක්, සම්පතක් කුණු කොල්ලයට විකුණා දැමීමය.  ඩොලර් මිලියන 200 කට විකුණනු නොලැබූ හිල්ටන් හෝටලය ඩොලර් මිලියන 75 ක ට හෝ දැන් විකිණීමට රජය සුදානම් ය.

රටේ සියළු සිවිල් ක්‍රියාකාරකම් අවම මට්ටමකට පත්වීම තුලින් හඩක් නැගෙන්නේ ආණ්ඩුව විසින් බිහිකර ඇති (විමල්-ගම්මන්පිල-වාසු) විපක්ෂයෙනි.  ආණ්ඩුවට හිසරදයක් වී ඇත්තේ (BOI) චරිත හේරත් ගේ කෝප් කමිටුවයි. අනුර ප්‍රියදර්ශන යාපා රජයේ ක්‍රියාකාරකම් විවේචනය කළේය.

අනුර කුමාර දිසානායක කරෙවලපිටිය ගිවිසුම සභාගත කිරීමත් සමඟම ඇති වූ තත්වය බැදුම්කර වංචාව අනාවරණයෙන් ඇති වූ ගැටුම හා සමානය. විපක්ෂය පාර්ලිමේන්තුවේ දුර්වල බව ඇත්තකි.  නමුත්, ඉද හිට හෝ මතුවන අවම විරෝධය හෝ වැලැක්වීම රජයේ අභිප්‍රාය බව පැහැදිලිය.

මේ අර්බුදයට විසඳුම ඇත්තේ දත්ත හා කරුණු මත පදනම්ව හරවත් සංවාදයක් සඳහා අවශ්‍ය පරිසරය ගොඩනැගීමට සිවිල් ක්‍රියාකාරිකයින්ගේ මැදිහත්වීම තුලින් පමණී.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අරලගංවිල මිනිස්සු වැඳ වැටෙමින් ආණ්ඩුවෙන් ඉල්ලන දේ…

Next Post

බලරහිත GMOA අමාත්‍යංශය එක්ක වැඩ කරන්නේ කොහොමද? GMOF අසයි!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.