මනම්පිටිය – නිමල් ජයරත්න –
පොළොන්නරුව දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අරලගංවිල ගල්එළිය ගම්වාසීහු අද (14) උදෑසන ගම්මානයට යන මාර්ගය හරස් කරමින් විරෝධතාවයක නිරත වූහ. ඔවුහු වැඳ වැටෙමින් බලධාරන්ගෙන් ඉල්ලා සිටියේ ජීවත් වීමේ අවකාශය ය. දිනෙන් දින එල්ලවන වන අලි තර්ජන දරාගත නොහැකි බව ඔවුහු මහා අසරණ ලෙස කියමින් සිටියහ.
මෙසේ අරලගංවිල ගල් එළියD2 ගම්මානයේ ජනතාව කියා සිටියේ තමන්ගේ දේපළ වගාහානි පමණක් නොව ජීවිත් වෙනවා ද නැද්ද යන්න තීරණය කරන්නේත් වන අලින් බවය.
“මේ වන විට ගම්මානයෙ මිනිස්සු තුන්දෙනෙක් අලි ගහලා මැරුණා. ඊයේ රාත්‍රී ආසන්නව සිදු වීම වශයෙන් ගල්එළිය ගම්මානය නිවසක් සම්පූර්ණයෙන්ම වන අලි බිඳලා දැම්මා.“
ගම්මානෙට ලඟ කුඹුරු යායට යාබද කැලෑ කුට්ටියක වන අලි දෙදෙනෙක් ඉන්නවා. මෙම වන අලි රාත්‍රී කාලය ගම්වැදි භව භෝග විනාශ කරනවා. මේ ගැන වන ජීවී නිලධාරීන්ට කිව්වා. ඒ අය කනකට ගන්නෙ නෑ. අඩුම තරමේ අලි පලවා හරින් අලි වෙඩිල්ලක් දෙන්නෙ නෑ. විරෝධතාවයේ නියලුණු ගම්මු කීහ.
අරලගංවිලදී D2 ගම්මානයෙ ගොවි පවුල් 75ක් මෙම වන අලි තර්ජනය හේතුවෙන් පීඩාවට පත්ව ඇති අතර ඔවුහු පැයක පමණ කාලයක් මෙම විරෝධතාවයේ නිරතව සිටියහ.