ගෙවීම් කටයුතුවල සිදුවුණු ප්‍රමාදයන් නිසා වත්තල – උස්වැටකෙයියාව – තල්දියවත්ත ගෑස් බෝයාවට නුදුරින් නෞකා තුන දින කිහිපයක සිට නැංගුරම්ලා තිබූ ගෑස් නැවකට ප්‍රතිපාදන වෙන් කර තිබේ.
මෙම නෞකාව සඳහා ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රතිපාදන ලබාදීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කිරීමෙන් පසු අද උදෑසන සිට ගෑස් ගොඩබෑම ආරම්භ කර ඇත.
අද දිනයේ දී සිටම එම ගෑස් බෙදා හැරීම සිදුකිරීමට කටයුතු යොදා තිබේ.
මේ වනවිට ගෑස් හිඟය හේතුවෙන් නගර ආශ්‍රිත ආපණශාලාවලින් සියයට 60ක් වැසී ගොස් ඇති බවත්, බේකරිවල නිශ්පාදන කටයුතු කරගත නොහැකි තත්වයක් උද්ගත වී තිබෙන බවත් වාර්තා වේ.