ලලිත් චාමින්ද –
ගාල්ල දිස්ත්‍රික්කයේ මෙම වර්ෂය තුළ (2022) පුරන්කුඹුරු අස්වැද්දිම සදහා රුපියල් මිලියන 40ක මුදලක් වෙන්කොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් ජේ.ඩබ්ලිව් එස් ප්‍රියන්ජන් පවසයි.
පුරන් කුඹුරු වැඩිම පවතින දිස්ත්‍රික්ක අතුරින් ගාල්ල දිස්ත්‍රික්කය එක් දිස්ත්‍රික්කයක් බවත් මෙම වර්ෂයේ දි පුරන්කුඹුරු අක්කර 1500ක් වගා කිරිම සැලසුම්කොටඇති බවත් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්වරයා සදහන් කළේය.
වලහන්දුව ගොවිජනසේවා බල ප්‍රදේශයට අයත් තල්ගස්යාය ප්‍රාදේශයේ ඇති වාරිමාර්ග ගැටලු සොයා බැලිමේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්වරයා මේ බව සදහන් කළේය.
මෙදින ගොවිගැටලු සාකච්ඡා කිරිමේ විශේෂ සාකච්ඡාවක් ගොවිජනතාවගේ සහභාගිත්වයෙන් අක්මිමන තල්ගස්යාය විහාරස්ථානයේ දි පැවැත්විණි. මෙහිදි ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්වරයා මෙසේද පැවසිය.
පසුගිය වර්ෂයේ ගාල්ල දිස්ත්‍රික්කය තුල පුරන්කුඹුරු ව්‍යාපෘති ආරම්භ කළත් ගොවි සංවිධාන එම ව්‍යාපෘති ඉදිරියට අරගෙන ගියේ නැහැ. එම නිසා එම ව්‍යෘපෘති අත්හැරදැමිමට සිදුවුනා. ඇළ මාර්ග අලුත්වැඩියා කරලා දුන්නත් ඇතැම් ස්ථානවල ගොවින් පුරන්කුඹුරු වගා කළේ නැහැ. රජය මුදල් වියදම් කළත් ඉන් නියම ප්‍රථිපලය ගත්තේ නැහැ. ගාල්ල දිස්ත්‍රික්කය පුරන්කුඹුරු වැඩිම දිස්ත්‍රික්කවලින් එකක්.“ ඔහු කීවේය.