හැටන් රංජිත් රාජපක්ෂ –
බදුල්ලේ සිට නුවරඑලිය හරහා අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් ගැරඬිඇල්ල බස් රථ අනතුර සිදු වූ ස්ථානයට නුදුරු බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් එම වෑන් රථයේ ගමන් ගත් 21 දෙනෙකු තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව කොත්මලේ පොලිසිය පවසයි.
රෝහල් ගත කල තුවාලකරුවන්ගෙන් තුවාලකරුවන් 18 දෙනෙකු ගම්පොළ ප්‍රා දේශීය රෝහල වෙත මාරු කර යැවූ බවත්, ඉන් තුවාල කරුවන් සිව් දෙනෙකුගේ තත්වය බරපතල බවත් කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි ඉමේෂ් වීරතුංග කීවේය.
බදුල්ල ප්‍රදේශයේ සංචාරයකට පැමිණ ආපසු රාජාංණයාය දකවා ධාවනය වූ වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ වූ ප්‍රපාතයෙන් වූ වතු මාර්ගයට පෙරලි මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය කියා සිටියේ.
අනතුරින් වෑන් රථටයටද දැඩි අලාභ හානි සිදු වි ඇත. අනතුර පිළිබද කොත්මලේ පොලිසිය පරික්ෂණ පවත්වයි.








