ජනාධිපතිවරයාට සහ රජයේ ක්රියාදාමයට එරෙහිව ගාලු මුවදොර මේ වනවිට අරගලයක නිරත තරුණ තරුණියන් හමුවී සාකච්ඡා කිරීමට අග්රමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සූදානමින් සිටින බව අග්රාමාත්ය කාර්යාලය සඳහන් කරයි. විරෝධතාවේ යෙදෙන පිරිස් මේ සඳහා සූදානම් නම් තමන් ඔවුන්ගේ නියෝජිතයන් සමඟ මෙසේ සාකච්ඡා කිරිමට මෙම නියෝජිතයන්ට අගමැතිවරයා ආරාධනය කර ඇත.
රට හමුවේ මේ වනවිට පවතින අභියෝග ජය ගැනීම සඳහා මෙම තරුණ තරුණියන් සතුවන අදහස් සාකච්ඡා කිරීමට අගමැතිවරයා බලාපොරොතතු වන බවද ඒ පිළිබඳව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.