රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවට විහිළු සපයන ආයතනයක් බවට පත් නොකරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.
රෝහල්වල උග්‍ර ඖෂධ හිගයක් පවතින බැවින් පරිත්‍යාගශීලීන්ට ඒ සදහා ආධාර ලබා දෙන මෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිඛිතව ඉල්ලා සිටින අතරම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට රෝහල්වල ඖෂධ හෝ ශල්‍ය උපකරණයන්ගේ කිසිදු හිගයක් නොමැති බව ප්‍රකාශ කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් නවීන් ද සොයිසා පවසයි.
ඖෂධ හිඟයක් පවතින බව ඖෂධ පිලිබඳ රාජ්‍ය අමාත්‍යවරයාද පිළිගෙන ඇති මොහොතක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා හිඟයක් නැතැයි කීම පුදුමයට මෙන්ම විහිළුවටද කාරණයක් බව හෙතෙම පෙන්වාදේ.
රජය හා රාජ්‍ය නිලධාරීන් උද්දච්ච මානසිකත්වයෙන් කටයුතු කිරීම හේතුවෙන් රට මෙවැනි ආගාධයක්ට පත්වීමට හේතුවක් වූ බවද සංගමය අවධාරණය කරයි.







