ලලිත් චාමින්ද –
ගාල්ල බන්ධනාගාර ගතව සිටි රැඳවියකු ස්වසන අපහසුතාවයක් හේතුවෙන් අද (20)ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මියගොස් ඇත්තේ ගාල්ල බන්ධනාගාරයේ සැක අංක 2840 යටතේ බන්ධනාගාර ගතව සිටි තිස් දෙහැවිරිදි පුද්ගලයෙකි.
මොහු ශ්වසන අපහසුතා තත්වයක් මත බන්ධනාගාර නිලධාරින් විසින් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.
කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොහු මියගොස් ඇත.
මොහු හෙරොයින් මත් ද්‍රව්‍ය චෝදනාවක් මත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරකරනු ලැබූ අයෙකි. ඔහු මේ මස දෙවැනි දින සිට මේ දක්වාගාල්ල බන්ධනාගාර ගතව සිට ඇත .
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි .