සූරියවැව නුවන් ජයසේකර –
අක්‍රමිකතාවයක් හේතුවෙන් සේවයෙන් ඉවත් කළ පසු කතරගම අභිනවාරාම විහරස්ථානයට අයත් අසේල නැමැති හස්ථියාට ඊයේ (19) වස මිශ්‍ර කොමඩු ගෙඩියක් දීමට පුද්ගලයෙක් යෙදවූ එම හස්ථියාගේ කලින් සිටි ඇත් ගොව්වා සොයා කතරගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
මෙම අපරාධය ගැස්සී ගිය පසු මේ වනවිට එම ඇත්ගොව්වා ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
වාර්තාවන පරිදිධි සිද්ධිය මෙසේය.
අසේල නැමැති හස්ථියෙක් කතරගම අභිනවාරාම විහාරස්ථානය භාරයේ සිටියේය. මෙම හස්ථියා අභිනවාරාමය වෙත පුජා කර තිබුණේ කුඩා පැටියෙක් කාලයේ දිය. කුඩා කාලයේ සිට හස්ථියා පෙරහැරේ ගමන් කිරීමට පුරුදු පුහුණු කර සිටියේය. මේ වන විට අලියයාට වයස අවුරුදු 18 කි. ඉහල රැකවරණය සහ ආහාර ලබාදීම හේතුවෙන් වැඩුණු අලියෙකු බවට පත්වී සිටියේය.
ඊයේ (19) දහවල් අසේල හස්ථියාට පුද්ගලයෙක් ඉදුනු පැණි කොමඩු ගෙඩියක් ලබා දී තිබේ. එම කොමඩු ගෙඩිය මුවට ගෙන සැපූ හස්ථිය එය මුවෙන් ඉවත් කර නොසන්සුන්ව හැසිරෙන්නට පටන් ගෙන ඇත.
එමෙන්ම හස්ථියාගේ මුවෙන් සෙම වැගිරෙන්නට පටන් ගෙන තිබේ. හස්ථියාගේ ඇත් ගොව්වා වහාම මේ සම්බන්ධව දැන්වීමෙන් අනතුරුව ඌව කලාපය භාර පශුවෛද්‍ය නිළධාරී ආනන්ද ධර්ම කීර්ති කැඳවා ප්‍රථිකාර ලබාදී දෙන්නට කටයුතු කර තිබිණි. හස්ථියාට විෂ ශරීර ගතවී නැති බව ඔහු ප්‍රකාශ කර තිබිණි.
අනතුරුව ඇත්ගොව්වා අසේල හස්ථියාට මේ වස පැණි කොමඩු ලබා දීමේ සිද්ධිය සම්බන්ධව කගරගම පොලිසියට පැමිණි කර තිබේ. එම පැමිණිල්ල අනුව හස්ථියාට එම කොමඩු ගෙඩිය ලබා දුන් බව කියන පුද්ගලයා ඊයේ (19)ම පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි.
ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු පවසා ඇත්තේ කලින් ඇත්ගොව්වා විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත තමන් මේ වස කොමඩු ගෙඩිය හස්ථියාට ලබා දුන් බවය.
මීට පෙර අලියා භාරව සිටි බව කියන ඇත් ගොව්වා කිසියම් අක්‍රමිකතාවයක් හේතුවෙන් ඉවත්කොට සිටි පුද්ගලයෙකි. ඒ අනුව හස්ථියට වස කොමඩු දීම සැලසුම් කළ කලින් සිටි ඇත්ගොව්වා සොයා කතරගම පොලිසිය යනවිට ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව හෙළි වී ඇත.
ඔහු අත්අඩංගුවට ගැනිම සඳහා කගරතම පොලිසිය පරීක්ෂණ පවත්වයි.