පසුගිය15 වෙනදා තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ බහුදින යාත්‍රා ස්කීපර් වරයකු වන නිමේෂ් රංඟ නැමැත්තා ඝාතනය කරන කරන ලද වෙඩික්කරු විශේෂ කාර්ය බලකාය මගින් අද (20) බලපිටියේදී අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු පුලමුඩේ රන්වැලි නාවුක කඳවුරට අනුයුක්තව සේවය කළ නාවික හමුදා භටයෙක් බව වාර්තා වේ.
සේවයෙන් නිවාඩු පැමිණ සිටියදී මෙම නාවුක සෙබළා එම ඝාතනය සිදු කර ඇති බවත් විදේශගතව සිටින පාතාල ක්‍රියාකාරිකයකුගේ උපදෙස් මත මොහු එම ඝාතනය සිදු කරන ලද බවත් පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වූ බවද වැඩිදුරටත් වාර්තා වේ.
දැනට හෙළි වි ඇති පරිදි ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දුන් ජාවාරම්කරු දකුණේ කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වූ රත්ගම විදුරගේ ගෝලයෙක්වන දිල්ශාන් නැමැත්තෙකි.
නිවාඩුවට නිවසට පැමිණ සිටිය දී පාට් ටයිම් වැඩක් ලෙස මෙම කුලි මිනීමැරුම සිදුකළ නාවික හමුදා සෙබලා බලපිටිය ඔහුගේ නිවසේ සිට වැගන් ආර් රථයකින් තංගල්ලට රැගෙන ගොස් තංගල්ලෙන් යතුරුපැදියක නන්වාගෙන කුඩාවැල්ලට ඝාතන ඉලක්කය වෙත රැගෙන ගොස් ඇත.
වෙඩික්කරුවන්ට ඝාතන ඉලක්කය දක්වා මග පෙන්වා ඇත්තේ ත්‍රී රෝද රථයකිනි. මේ වනවිට එම ත්‍රී රෝද රථයත් හඳුනාගෙන තිබේ.
ඝාතනය සිදුකළ ගිනි අවිය ඝාතනයට පෙර දිනයේ ලැබුණු බවත්, කොන්ත්‍රාත්තුව ලබා දුන් දිල්ශාන් නැමැති ජාවාරම්කරු ගිනි අවිය බලපිටිය විදුලි පහන් කණුවක් යට තබන ලෙස උපදෙස් දුන් බවත් නාවික හමුදා සෙබලා ප්‍රශ්න කීරීමේ දී පවසා ඇත.
අත්අඩංගුවටගත් වෙඩික්කරුවන නාවික හමුදා සෙබලා පවසා ඇත්තේ තමාගේ අතට ගිනි අවිය ලැබුණේ ඝාතනයට පෙර දින බවය. වෙඩි තැබීමෙන් අනතුරුව තමා බලපිටියට පැමිණි පසු දිල්ෂාන් තමාට දුරකථන ඇමතුමක් දී ගිනි අවිය බලපිටියේ විදුලි පහන් කණුවක් අසල තබන ලෙස දැනුම්දුන් බවත් ඒ අනුව තමා අවිය එහි තැබූ බවත් වෙඩික්කරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.
ඝාතනයට ලක් වූ ස්කිපර්ට අවස්ථා ගණනක දී ගැඹුරු මුහුදේ සිට මත්කුඩු ප්‍රවාහනයට ඉල්ලීම් කර තිබුණත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කර ඇති බව බුද්ධි තොරතුරු කියයි. කෙසේ වෙතත් ඝාතනයට මුල් වූ සිද්ධිය තවම පැහැදිලි නැති බව විමර්ශන අංශ පවසයි.
මෙම කොන්ත්‍රාත් වෙඩි තැබීමට අදාල මුදල මේ වනවතුරුත් ඔහුට ගෙවා නැති බව ද අනාවරණය වී ඇත. සිද්ධියට අදාලව පොලිසිය විමර්ශන පවත්වයි.