අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීති විරෝධී ප්‍රවාහනයක් කළ හරක් ලොරියක් අත් අඩංගුවට ගෙන නඩු දාන්න සැරසෙද්දී පොලිස් ලොක්කෙකුගේ අනින් නිදහස්!

by editor
අගෝස්තු 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  

පොලොන්නරුව වැලිකන්ද පොලිසියේ උප පොලිස් කොස්තාපල්වරයෙකු, හා පොලිස් සැරයන්වරයකු විසින් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට පොලිස් පොතේ සටහන් කර තිබූ එළ හරක් හත් දෙනෙක් ප්‍රවාහනය කළ   ලොරියක්   හරකුන් සමගම නිදහස් කරන ලෙස          උතුරු මැද පළාතේ ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගෙන් ලැබූ නියෝගයක් මත පසුගිය 18 වැනිදා නිදහස් කිරීමට පොලිස් පොඩ්ඩන්ට සිදුවූ පුවතක් වැලිකන්දෙන් වාර්තා වේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ප්‍රවාහන බලපත් නොමැතිව, සත්ව හිංසාව ඇතිවන පරිදි   එළගවපැටියෙකු ඇතුළු එලගවයින් හත්දෙනෙකු වැලිකන්ද වඩමුනේ සිට වාලච්චේන දක්වා ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරියක් වඩමුනේ පාලම අසලදී ඉකුත් 17 වෙනිදා සවස  පොලිස් නිලධාරීන් දෙපළක් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි,

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාලච්චේන නාවල්අඩි අංක 463 /04 ලිපිනයේ පදිංචිව සිටින විසිතුන් වියැති පුද්ගලයෙකි.

පොලිස් පොතේ තැබූ සටහන…

නීති විරෝධී අයුරින් ගවයින් ප්‍රවාහනය කරන පිරිස් සඳහා   අකුරට රාජකාරිය කරමින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ගවයින් හත් දෙනාත්, ප්‍රවාහනය කළ සැකකරු සහ ලොරියත් අධිකරණයට ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සැලසුම් කර තිබියදී  උතුරු මැද පළාතේ ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයකු වැලිකන්ද පොලිසියට කතා කර ඇත. කතා කර පවසා ඇත්තේ මේ චූදිතයා බඩුත් සමගම නිදහස් කරන ලෙසය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අප මෙම චෝදනාව පිළිබඳ වැලිකන්ද පොලිස් ස්ථානයෙ වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක, එල්.ජේ,එච්,එම්,ඩබ්ලිව්.ඩී. හේරත්ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ, එම සැකකරුට වඩමුනේ හා වාලච්චේන ගවගාල් දෙකක් තිබෙන බවත්, වඩමුනෙ ගවගාලේ ගවයින්ට තණකොළ සහ ජලහිඟය නිසා ලෙඩවු ගවයින් හයදෙනකු ප්‍රවාහනය කරමින් සිටියදී පොලිසිය නොදැන අත්අඩංගුවට ගෙන තිබෙන බවත්ය.

අනතුරුව ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකර, එය ඩී.අයි.ජී. මහතාගේ උපදෙස් අනුව නිදහස් කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදුන් බව ද ඒ අනුව එම ලොරිය, ගවයින් හා රියදුරු, නිදහස් කිරීමට කටයුතු කළ බවද ඔහු පැවසුවේය,

මෙම සිද්ධිය පිළිබඳව අප වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩලගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ලෙඩ ගවයින් හත්දෙනකු බවත්, එය ජාවාරමකට  රැගෙන ගිය එකක් නොවන බවත්ය.

අදාල ගවගාලේ ගවයින් දාහකට වැඩි ප්‍රමාණයක් සිටින බවත් පවතින ආහාර සහ අර්බුදය නිසා රෝගී ගවයින් වෙනත් ප්‍රදේශයකට රැගෙන යන අතරේ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගත් ගවයින් නිදහස් කිරීමට ඩී.අයි.ජී මහතා උපදෙස් ලබාදුන්නේ සද්භාවයෙන්ම ගත් තීරණයක් නිසා බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊයේ රෑ දෙහිවල වෙඩි තැබීමක්…

Next Post

කුඩාවැල්ලේ බෝට්ටු ස්කිපර් ඝාතනය කර ඇත්තේ නිවාඩුවට ඇවිත් කුලියට මිනී මැරූ නාවික හමුදා සෙබලෙක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.