ඊයේ (19) රාත්‍රී 7.45ට පමණ දෙහිවල ඕබන් පෙදෙස ධීවර නිවාස අසල දී පුද්ගලයෙක් ඉලක්ක කරගෙන වෙඩි තැබීමක් සම්බන්ධව පරීක්ෂණ පවත්වන බව දෙහිවල පොලිසිය කියයි.
පාදයට වෙඩි වැදුන පුද්ගලයා වහාම කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.
වෙඩි ප්‍රහාරයට ලක් වී ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයෙකි. ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
වන දින පැය 1915 ට පමණ දෙහිවල පොලිස් වසමේ අංක 36/ධීවර නිවාස, ඕබන් පෙදෙස, දෙහිවල යන ලිපිනය ඉදිරිපිටදී ස්කූටර් වර්ගයේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර ඇත.
වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා මේ වනවිට කළුබෝවිල රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ගනිමින් සිටී.
වෙඩිතබන ලද ගිනි අවිය කුමක්ද යන්න හෝ වෙඩික්කරුවන් පිළිබඳව මෙතෙක් නිශ්චිතව තොරතුරු අනාවරණය වී නොමැත.
දෙහිවල පොලිස් ස්ථානය විසින් විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.